අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

3. තුන්වෙනි පණ්ණාසකය

(14) 4. පුද්ගල වර්‍ගය

7. සීලගරුක සූත්‍රය

’’මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝ්කයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්

’’මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සීලය ගරුකොට නැත්තේ වේද, සීලය අධිපතිකොට නැත්තේ වේද, සමාධිය ගරුකොට නැත්තේ වේද, සමාධිය අධිපතිකොට නැත්තේ වේද, ප්‍රඥාව ගරුකොට නැත්තේ වේද, ප්‍රඥාව අධිපතිකොට නැත්තේ වේද,

’’ මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සීලය ගරුකොට ඇත්තේ වේද, සීලය අධිපතිකොට ඇත්තේ වේද, සමාධිය ගරුකොට නැත්තේ වේද, සමාධිය අධිපතිකොට නැත්තේ වේද, ප්‍රඥාව ගරුකොට නැත්තේ වේද, ප්‍රඥාව අධිපතිකොට නැත්තේ වේද,

’’ මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සීලය ගරුකොට ඇත්තේ වේද, සීලය අධිපතිකොට ඇත්තේ වේද, සමාධිය ගරුකොට ඇත්තේ වේද, සමාධිය අධිපතිකොට ඇත්තේ වේද, ප්‍රඥාව ගරුකොට නැත්තේ වේද, ප්‍රඥාව අධිපතිකොට නැත්තේ වේද,

’’ මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සීලය ගරුකොට ඇත්තේ වේද, සීලය අධිපතිකොට ඇත්තේ වේද, සමාධිය ගරුකොට ඇත්තේ වේද, සමාධිය අධිපතිකොට ඇත්තේ වේද, ප්‍රඥාව ගරුකොට ඇත්තේ වේද, ප්‍රඥාව අධිපතිකොට ඇත්තේ වේද, මහණෙනි, මේ පුද්ගලයෝ සතරදෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.’’