අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
3. තුන්වන පණ්ණාසකය
(12) 2. අන්‍ධකවින්‍ද වර්‍ගය
5. මච්ඡරිනී සූත්‍රය
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂුණී තොමෝ ගෙනෙන ලද බරක් බහා තබන ලද්දී යම්සේද, එමෙන් නරකයෙහි උපදී.
’’කවර පසකින්ද යත්? ආවාසයන්හි මසුරුකම් ඇත්තී වේද, කුලයන්හි මසුරුකම් ඇත්තී වේද, ලාභයන්හි මසුරුකම් ඇත්තී වේද, ගුණ වර්‍ණනායෙහි මසුරුකම් ඇත්තී වේද, ධර්‍මයෙහි මසුරුකම් ඇත්තී වේද, යන පසිනි.
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂුණී තොමෝ ගෙනෙන ලද බරක් බහා තබන ලද්දී යම්සේද, එමෙන් නරකයෙහි උපදී.
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂුණී තොමෝ ගෙනෙන ලද බරක් බහා තබන ලද්දී යම්සේද, එමෙන් ස්වර්‍ගයෙහි උපදී.
’’කවර පසකින්ද යත්? ආවාසයන්හි මසුරුකම් ඇත්තී නොවේද, කුලයන්හි මසුරුකම් ඇත්තී නොවේද, ලාභයන්හි මසුරුකම් ඇත්තී නොවේද, ගුණ වර්‍ණනායෙහි මසුරුකම් ඇත්තී නොවේද, ධර්‍මයෙහි මසුරුකම් ඇත්තී නොවේද, යන පසිනි.
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂුණී තොමෝ ගෙනෙන ලද බරක් බහා තබන ලද්දී යම්සේද, එමෙන් ස්වර්‍ගයෙහි උපදී.