අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
3. තුන්වන පණ්ණාසකය
(13) 3. ගිලාන වර්‍ගය
5. පඨම අනායුස්ස ධම්ම සූත්‍රය
’’මහණෙනි, ආයුෂට හිත නොවූ මේ කරුණු පසක් වෙත්.
’’කවර පසක්ද යත්, අහිතවූ කටයුතු කරන්නේ වේද, හිතවූ කටයුත්තෙහි පමණ නොදනීද, නොපැසවූ කල්හි භොජන ඇත්තේ වේද, නොකල්හි හැසිරීම ඇත්තේ වේද, බඹසර නැත්තේ වේද, යන පසයි.
’’මහණෙනි, ආයුෂට හිත නොවූ මේ කරුණු පසක් වෙත්.
’’මහණෙනි, ආයුෂට හිතවූ මේ කරුණු පසක් වෙත්.
’’කවර පසක්ද යත්, හිතවූ කටයුතු කරන්නේ වේද, හිතවූ කටයුත්තෙහි පමණ දනීද, මුහුකුරා ගියාවූ භොග ඇත්තේ වේද, සුදුසු කල්හි හැසිරීම ඇත්තේ වේද, බ්‍රහ්මචර්‍ය්‍යාව ඇත්තේ වේද, යන පසයි.
’’මහණෙනි, ආයුෂට හිතවූ මේ කරුණු පසක් වෙත්.