අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
4. සතරවැනි පණ්ණාසකය
(17) 2. අඝාත වර්‍ගය
8. සීල විපන්න සූත්‍රය
’’එකල්හි වනාහි ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම, ’’ඇවැත්නි මහණෙනි,’’ යි භික්‍ෂූන්ට ඇමතූ සේක. ’’ඇවැත්නි’’ කියා ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට ප්‍රතිවචන දුන්හ. ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම මෙය වදාළේය.
’’ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, මෙසේද ඔවුහු කියනු ලබන්නාහුය. ’එතකුදු වුවත් මෙහි ඇතැම් හිස් පුරුෂයෝ පැදකුණු කිරීම් වශයෙන් නොගනිත්ය’ යි. ස්වාමීනි, යම් ඒ පුද්ගලයෝ ශ්‍රද්‍ධා නැත්තාහු, ජීවිකාව ප්‍රයෝජනකොට ඇත්තාහු වෙද්ද, ශ්‍රද්‍ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූවාහු නොවෙද්ද, කෛරාටික වූවාහු, මායා ඇත්තාහු, කෙටුහ ශාස්ත්‍ර දන්නාහු, උඩඟු වූවාහු, ඔසවාගත් මාන නල ඇත්තාහු, චපල වූවාහු, දොඩමළුවූවාහු, විසුරුණු වචන ඇත්තාහු, ඉන්‍ද්‍රියයන්හි නොරක්නා ලද දොරටු ඇත්තාහු, භෝජනයෙහි පමණ නොදන්නාහු, නිදි දුරු කිරීමෙහි නොයෙදුනාහු, ශ්‍රමණ භාවයෙහි අපේක්‍ෂා නැත්තාහු, ශික්‍ෂාවෙහි දැඩි ගෞරව නැත්තාහු, ප්‍රත්‍යය බහුලකොට ඇත්තාහු, සස්න ලිහිල් කොට ගත්තාහු, නීවරණයන්ට බැස ගැන්මෙහි පෙරදැරි වූවාහු, ප්‍රකර්‍ෂ විවේකයෙහි බහා තබන ලද ධුර ඇත්තාහු, අලස වූවාහු, ලාමක වීර්‍ය්‍ය ඇත්තාහු, මුළා සිහි ඇත්තාහු, මනා නුවණ නැත්තාහු, සිත් එකඟ නුවූවාහු, විශේෂයෙන් කැරකුණු සිත් ඇත්තාහු, කෙළතොලු වූවාහු වෙද්ද, ඔවුහු මා විසින් මෙසේ කියනු ලබන්නාහු, පැදකුණු වශයෙන් නොගනිත්.
’’ස්වාමීනි, යම් ඒ කුලපුත්‍රයෝ වනාහි ශ්‍රද්‍ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූවාහු, කෛරාටික නොවූවාහු, මායා නැත්තාහු, කෙටුහ නොදන්නාහු, උඩඟු නොවූවාහු, උද්ගත මාන නල නැත්තාහු, චපල නුවූවාහු, දොඩමළු නුවූවාහු, නොවිසුරුණු වචන ඇත්තාහු, ඉන්‍ද්‍රියයන්හි රක්නා ලද දොරටු ඇත්තාහු, භෝජනයෙහි පමණ දන්නාහු, නිදි දුරු කිරීමෙහි යෙදුනාහු, ශ්‍රමණ භාවයෙහි අපේක්‍ෂා ඇත්තාහු, ශික්‍ෂාවෙහි දැඩි ගෞරව ඇත්තාහු, ප්‍රත්‍යය බහුලකොට නැත්තාහු, සස්න ලිහිල් කොට නොගත්තාහු, නීවරණයන්ට බැස ගැන්මෙහි බහා තබන ලද ධුර ඇත්තාහු, ප්‍රකර්‍ෂ විවේකයෙහි පෙරදැරි වූවාහු, පටන්ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තාහු, හරණ ලද ආත්මාලය ඇත්තාහු, එළඹ සිටි සිහි ඇත්තාහු, මනා නුවණ ඇත්තාහු, සමාධි වූවාහු, එකඟවූු සිත් ඇත්තාහු, ප්‍රඥා ඇත්තාහු, කෙළතොලු නොවූවාහු වෙද්ද, ඔවුහු මා විසින් මෙසේ කියනු ලබන්නාහු, පැදකුණු වශයෙන් ගනිත්ය’’ යිද කීයේය.
’’ශාරීපුත්‍රය, යම් ඒ පුද්ගලයෝ ශ්‍රද්‍ධා නැත්තාහු, ජීවිකාව ප්‍රයෝජනකොට ඇත්තාහු, ශ්‍රද්‍ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි නොවූවාහු, කෛරාටික වූවාහු, මායා ඇත්තාහු, කෙටුහ ඇත්තාහු, උඩඟු වූවාහු, උද්ගත මාන නල ඇත්තාහු, චපල වූවාහු, දොඩමළු වූවාහු, විසුරුණු වචන ඇත්තාහු, ඉන්‍ද්‍රියයන්හි නොරක්නා ලද දොරටු ඇත්තාහු, භෝජනයෙහි පමණ නොදන්නාහු, නිදි දුරු කිරීමෙහි නොයෙදුනාහු, ශ්‍රමණ භාවයෙහි අපේක්‍ෂා නැත්තාහු, ශික්‍ෂාවෙහි දැඩි ගෞරව නැත්තාහු, ප්‍රත්‍යය බහුලකොට ඇත්තාහු, සස්න ලිහිල් කොට ගත්තාහු, නීවරණයන්ට බැස ගැන්මෙහි පෙරදැරි වූවාහු, ප්‍රකර්‍ෂ විවේකයෙහි බහා තබන ලද ධුර ඇත්තාහු, අලස වූවාහු, ලාමක වීර්‍ය්‍ය ඇත්තාහු, මුළා සිහි ඇත්තාහු, මනා නුවණ නැත්තාහු, එකඟ නොවූ සිත් ඇත්තාහු, විශේෂයෙන් කැරකුණු සිත් ඇත්තාහු, ප්‍රඥා නැත්තාහු, කෙළතොලු වූවාහු වෙද්ද, ඔවුහු සිටිත්වා.
’’ශාරීපුත්‍රය, යම් ඒ කුලපුත්‍රයෝ වනාහි ශ්‍රද්‍ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූවාහු, කෛරාටික නොවූවාහු, මායා නැත්තාහු, කෙටුහ නොදන්නාහු, උඩඟු නොවූවාහු, උද්ගත මාන නල නැත්තාහු, චපල නුවූවාහු, දොඩමළු නුවූවාහු, නොවිසුරුණු වචන ඇත්තාහු, ඉන්‍ද්‍රියයන්හි රක්නා ලද දොරටු ඇත්තාහු, භෝජනයෙහි පමණ දන්නාහු, නිදි දුරු කිරීමෙහි යෙදුනාහු, ශ්‍රමණ භාවයෙහි අපේක්‍ෂා ඇත්තාහු, ශික්‍ෂාවෙහි දැඩි ගෞරව ඇත්තාහු, ප්‍රත්‍යය බහුලකොට නැත්තාහු, සස්න ලිහිල් කොට නොගත්තාහු, නීවරණයන්ට බැස ගැන්මෙහි බහා තබන ලද ධුර ඇත්තාහු, ප්‍රකර්‍ෂ විවේකයෙහි පෙරදැරි වූවාහු, පටන්ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තාහු, හරණ ලද ආත්මාලය ඇත්තාහු, එළඹ සිටි සිහි ඇත්තාහු, මනා නුවණ ඇත්තාහු, සමාධි වූවාහු, එකඟවූු සිත් ඇත්තාහු, ප්‍රඥා ඇත්තාහු, කෙළතොලු නොවූවාහු වෙද්ද,
ශාරීපුත්‍රය, ඔවුන්ට නුඹ කියව, ශාරීපුත්‍රය, සබ්‍රම්සරුන්ට අවවාද කරව. ශාරීපුත්‍රය, සබ්‍රම්සරුන් අසද්‍ධර්මයෙන් නැගිටුවා සද්‍ධර්මයෙහි පිහිටුවන්නෙමියි, සබ්‍රම්සරුන්ට අනුශාසනා කරව. ශාරීපුත්‍රය, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුය’’ යි වදාළසේක.