අඞ්ගුත්තරනිකායො
ඡක්ක නිපාතය
2. දුතිය පණ්ණාසකය
10. ආනිසංස වර්‍ගය
10. පහාතබ්බභව සූත්‍රය
’’මහණෙනි, දුරුකළයුතු භවයෝ තුනෙකි. තුන් හික්මීමෙහි හික්මිය යුතුය. දුරුකළයුතු භවත්‍රය කවරේද? කාම භවය, රූප භවය, අරූප භවය (යනුය.) මේ භවත්‍රය දුරුකළ යුතුය.
’’කවර තුනෙක හික්මිය යුතුද? අධිශීල ශික්‍ෂාවය, අධි චිත්ත ශික්‍ෂාවය, අධි ප්‍රඥා ශික්‍ෂාවය (යනු) යි. මේ හික්මීම් තුනෙහි හික්මිය යුතුය. මහණෙනි, යම් හෙයකින් භික්‍ෂුහට මේ තුන් භවය ගෙවුනේ වෙයි. මේ තුන් හික්මීමෙහි හික්මුණේ විය යුතුය.
’’මහණෙනි, මේ භික්‍ෂුතෙම වනාහි තාෂ්ණාව සින්දේය. බැඳුම් පෙරලීය. මැනවින් සම්‍යක් මානය අවබෝධ කිරීමෙන් දුක කෙළවර කෙළේයයි කියනු ලැබේ.