අඞ්ගුත්තරනිකායො
ඡක්ක නිපාතය
1. පළමුවෙනි පණ්ණාසකය
4. දේවතා වර්‍ගය
9. කම්මනිදාන සූත්‍රය
’’මහණෙනි, කර්‍ම රැස්වීම පිණිස මේ හේතු තුනක් වෙත්.
’’කිනම් තුනක්ද යත් ? කර්ම රැස්වීම පිණිස ලෝභය හේතුවක් වෙයි. කර්‍ම රැස්වීම පිණිස ද්වේෂය නිදානයක් වෙයි. කර්‍ම රැස්වීම පිණිස මෝහය නිදානයක් වෙයි. මහණෙනි, ලෝභයෙන් අලෝභය පහළ නොවේ. මහණෙනි, තවද ලෝභයෙන් ලෝභයම පහළ වෙයි. මහණෙනි, ද්වේෂයෙන් අෙවෂය පහළ නොවේ. මහණෙනි, තවද ද්වේෂයෙන් ද්වේෂයම පහළ වෙයි. මහණෙනි, මෝහයෙන් අමෝහය පහළ නොවේ. මහණෙනි, නැවතද මෝහයෙන් මෝහයම පහළ වේ.
’’මහණෙනි, ලෝභයෙන් කළ කර්ර්‍මයෙන්, ද්වේෂයෙන් කළ කර්මයෙන්, මොහයෙන් කළ කර්මයෙන් දෙවියෝ නූපදිත්. මනුෂ්‍යයෝ නූපදිත්. අන් යම්කිසි කාම ස්වර්‍ගවලද නූපදිත්. මහණෙනි, තවද ලෝභයෙන් කල කර්මයෙන්, ද්වේෂයෙන් කළ කර්මයෙන්, මෝහයෙන් කළ කර්මයෙන් නරකයෙහි උපදී. ප්‍රේත ලෝකයෙහි උපදී. යම් අන් කිසි දුගතිවල උපදී. මහණෙනි, කර්ම රැස්වීමට මේ නිදාන තුනයි.
’’මහණෙනි, කර්‍ම රැස්වීම පිණිස මේ හේතු තුනක් වෙත්.
’’කිනම් හේතු තුනක්ද යත් ? කර්ම රැස්වීම පිණිස අලෝභය හේතුවක් වෙයි. කර්මය රැස්වීම පිණිස අෙවෂය නිදානයක් වෙයි. කර්මය රැස්වීම පිණිස අමෝහය නිදානයක් වෙයි. මහණෙනි, අලෝභයෙන් ලෝභය පහළ නොවේ. මහණෙනි, අලෝභයෙන් අලෝභයම පහළ වෙයි. මහණෙනි, අෙවෂයෙන් අෙවෂයම පහළ නොවෙයි. මහණෙනි, අෙවෂයෙන් අෙවෂයම පහළ වෙයි. මහණෙනි, අමෝහයෙන් මෝහය පහළ නොවෙයි. මහණෙනි, අමෝහයෙන් අමෝහයම පහළ වෙයි.
’’මහණෙනි, තවද අලෝභයෙන් උපන් කර්‍මයෙන්, අවෂයෙන් උපන් කර්‍මයෙන්, අමෝහයෙන් උපන් කර්‍මයෙන් දෙවියෝ උපදිත්. මනුෂ්‍යයෝ උපදිත්. අන් කිසියම් සුගතීන්හි උපදියි. මහණෙනි, කර්ම රැස්වීමට මේ නිදාන තුනයි.’’