අඞ්ගුත්තරනිකායො
ඡක්ක නිපාතය
2. දුතිය පණ්ණාසකය
7. දේවතා වර්‍ගය (අනාගාමි වර්‍ගය)
7. භබ්බතාපත්ති සූත්‍රය
’’මහණෙනි, කරුණු සයකින් යුක්ත භික්‍ෂුව නුසුදුසුවූයේ, ඒ ඒ තැන, ඒ ඒ ආයතනයන්හි නුසුදුසු බවට පැමිණීමට හැකිය.
’’කවර සයකින්ද යත්? මේ ශාසනයෙහි භික්‍ෂුව මේ පිරිහීම භජනය කරණ ධර්‍මයෝයයි තත්වූ පරිදි නොදනීද, මේ සම තත්ත්‍වයක් ඇති කරවන ධර්මයෝයයි තත්වූ පරිදි නොදනීද, මේ දියුණුව ඇතිකරණ ධර්මයෝයයි තත්වූ පරිදි නොදනීද, මේ උසස් අවබෝධයක් ඇති කරවන ධර්මයෝයයි තත්වූ පරිදි නොදනීද, සකස් නොවූ කටයුතු ඇත්තේ වේද, අහිතවත් දෙය කරන්නේ වේද, මහණෙනි, කරුණු සයකින් යුක්ත භික්‍ෂුව නුසුදුසුවූයේ, ඒ ඒ තැන, ඒ ඒ ආයතනයන්හි නුසුදුසු බවට පැමිණීමට හැකිය.
’’ මහණෙනි, කරුණු සයකින් යුක්ත භික්‍ෂුව සුදුසුවූයේ, ඒ ඒ තැන, ඒ ඒ ආයතනයන්හි සුදුසු බවට පැමිණිය හැකිය.
’’කවර සයකින්ද? මේ ශාසනයෙහි භික්‍ෂුව මේ පිරිහීම භජනය කරණ ධර්‍මයෝයයි තත්වූ පරිදි දනීද, මේ සම තත්ත්‍වයක් ඇති කරවන ධර්මයෝයයි තත්වූ පරිද්දෙන් දනීද, මේ උසස් තත්ත්‍වයක් ඇතිකරවන ධර්මයෝයයි තත්වූ පරිදි දනීද, මේ උසස් අවබෝධයක් ඇති කරවන ධර්මයෝයයි තත්වූ පරිදි දනීද, සකස්ව කරණ කටයුතු ඇත්තේද, හිතවත් දෙය කරන්නේ වේද, මහණෙනි, කරුණු සයකින් යුක්ත භික්‍ෂුව සුදුසුවූයේ, ඒ ඒ තැන, ඒ ඒ ආයතනයන්හි සුදුසු බවට පැමිණිය හැකිය.