අඞ්ගුත්තරනිකායො

ඡක්ක නිපාතය

2. දුතිය පණ්ණාසකය

8. අරහන්ත වර්‍ගය

4. සුඛසොමනස්සබහුල සූත්‍රය

’’මහණෙනි, කරුණු සයකින් යුත් භික්‍ෂුව මේ ආත්මයෙහිම සොම්නස් බහුලව වසයි. ආශ්‍රවයන් ගෙවා දැමීම පිණිස නුවණද පටන්ගන්නා ලද්දේය.

’’කවර සයෙකින්ද යත්? මහණෙනි, මේ සස්නෙහි භික්‍ෂුතෙම ධර්‍මයෙහි ඇළුණේ වේද, භාවනාවෙහි ඇළුණේ වේද, පව් ගෙවා දැමීමෙහි ඇළුණේ වේද, තද විවේකයෙහි ඇළුණේ වේද, කෝප නොකිරීමෙහි ඇළුණේ වේද, නොපමාවේ ඇළුණේ වේද, කියාය. මහණෙනි, කරුණු සයකින් යුත් භික්‍ෂුව මේ ආත්මයෙහිම සොම්නස් බහුලව වසයි. ආශ්‍රවයන් ගෙවා දැමීම පිණිස නුවණද පටන්ගන්නා ලද්දේය.