අඞ්ගුත්තරනිකායො
ඡක්ක නිපාතය
2. දුතිය පණ්ණාසකය
8. අරහන්ත වර්‍ගය
6. මහත්තපාපුණන සූත්‍රය
’’මහණෙනි, කරුණු සයකින් යුත් භික්‍ෂුතෙම නොබෝ කලෙකින්ම ධර්මයන්හි මහත් දියුණුවට පැමිණේ.
’’කවර සයකින්ද යත්? මහණෙනි, මෙහි භික්‍ෂුතෙම ආලෝකය බහුලකොට ඇත්තේ වේද, භාවනා යෙදීම බහුලකොට ඇත්තේ වේද, නුවණ බහුලකොට ඇත්තේ වේද, සන්තෝෂය බහුලකොට ඇත්තේ වේද, කුශල ධර්‍මයන්හි බහා නොතබන ලද කටයුතු ඇත්තේ වේද, මතු මත්තෙහිද ගමන් කෙරේද (යන මොහුය) මහණෙනි, කරුණු සයකින් යුත් භික්‍ෂුතෙම නොබෝ කලෙකින්ම ධර්මයන්හි මහත් දියුණුවට පැමිණේ.