අඞ්ගුත්තරනිකායො
නවක නිපාතය
1. පළමු වෙනි පණ්ණාසකය
2. සීහනාද වර්ගය
9. පච්ඡානුතාපීනී සූත්‍රය
’’මහණෙනි, මේ රාත්‍රියෙහි බොහෝ දේවතාවෝ මා කරා පැමිණ මෙසේ කීවාහුය. ’’ස්වාමීන් වහන්ස, අප කරා පෙර මනුෂ්‍යවූ පැවිද්දෝ පැමිණියාහුය. ස්වාමීන් වහන්ස, ඒ අපි ගෙවල් පිහිටෙවුවෙමු. කථාද නොකෙළෙමු. ස්වාමීන් වහන්ස, ඒ අපි නොපිරුහුන් කර්මාන්ත ඇත්තියෝ විපිළිසර වුවාහු, පසුතැවිලි ඇතිවූවාහු, පහත් ලෝකයකට පැමිණියාහුය.’’
’’මහණෙනි, අන්‍යවූත් බොහෝ දේවතාවෝද මා කරා පැමිණ මේ කාරණය කීවාහුය. ’’ස්වාමීන් වහන්ස, අප කරා පෙර මනුෂ්‍යවූ පැවිද්දෝ පැමිණියාහුය. ස්වාමීන් වහන්ස, ඒ අපි ගෙවල් පිහිටෙවුවෙමු. නොම වැන්දෙමු. ස්වාමීන් වහන්ස, ඒ අපි නොපිරුහුන් කර්මාන්ත ඇත්තියෝ විපිළිසර වුවාහු, පසුතැවිලි ඇතිවූවාහු, පහත් ලෝකයකට පැමිණියාහුය. ’’ස්වාමීන් වහන්ස, අප කරා පෙර මනුෂ්‍යවූ පැවිද්දෝ පැමිණියාහුය. ස්වාමීන් වහන්ස, ඒ අපි ගෙවල් පිහිටෙවුවෙමු. ආසන නුදුන්නෙමු. ස්වාමීන් වහන්ස, ඒ අපි නොපිරුහුන් කර්මාන්ත ඇත්තියෝ විපිළිසර වුවාහු, පසුතැවිලි ඇතිවූවාහු, පහත් ලෝකයකට පැමිණියාහුය. ස්වාමීන් වහන්ස, අප කරා පෙර මනුෂ්‍යවූ පැවිද්දෝ පැමිණියාහුය. ස්වාමීන් වහන්ස, ඒ අපි ගෙවල් පිහිටෙවුවෙමු. අසුන් දුන්නෙමු. ශක්ති පමණින් බෙදා නුදුන්නෙමු. ස්වාමීන් වහන්ස, ඒ අපි නොපිරුහුන් කර්මාන්ත ඇත්තියෝ විපිළිසර වුවාහු, පසුතැවිලි ඇතිවූවාහු, පහත් ලෝකයකට පැමිණියාහුය. ස්වාමීන් වහන්ස, අප කරා පෙර මනුෂ්‍යවූ පැවිද්දෝ පැමිණියාහුය. ස්වාමීන් වහන්ස, ඒ අපි ගෙවල් පිහිටෙවුවෙමු. ශක්ති පමණින්, බල පරිද්දෙන්, සංවිභාග (බෙදා දීම) කෙළෙමු. බණ ඇසීම පිණිස ළඟ නූන්නෙමු. ස්වාමීන් වහන්ස, අප කරා පෙර මනුෂ්‍යවූ පැවිද්දෝ පැමිණියාහුය. ස්වාමීන් වහන්ස, ඒ අපි ගෙවල් පිහිටෙවුවෙමු. බණ ඇසීම පිණිස ළඟ උන්නෙමු. නමනලද කන් ඇත්තෝව (කන් නමාගෙන) ධර්මය නොඇසූයෙමු. ස්වාමීන් වහන්ස, ඒ අපි නොපිරුහුන් කර්මාන්ත ඇත්තියෝ විපිළිසර වුවාහු, පසුතැවිලි ඇතිවූවාහු, පහත් ලෝකයකට පැමිණියාහුය. ස්වාමීන් වහන්ස, අප කරා පෙර මනුෂ්‍යවූ පැවිද්දෝ පැමිණියාහුය. ස්වාමීන් වහන්ස, ඒ අපි ගෙවල් පිහිටෙවුවෙමු. නමන ලද කන් අත්තෝව ධර්මය ඇසූම්හ. අසාගෙන සිටි ධර්මය නොදැරූම්හ. ස්වාමීන් වහන්ස, ඒ අපි නොපිරුහුන් කර්මාන්ත ඇත්තියෝ විපිළිසර වුවාහු, පසුතැවිලි ඇතිවූවාහු, පහත් ලෝකයකට පැමිණියාහුය. ස්වාමීන් වහන්ස, අප කරා පෙර මනුෂ්‍යවූ පැවිද්දෝ පැමිණියාහුය. ස්වාමීන් වහන්ස, ඒ අපි ගෙවල් පිහිටෙවුවෙමු. අසා ධර්මය නොදැරූම්හ. ස්වාමීන් වහන්ස, ඒ අපි නොපිරුහුන් කර්මාන්ත ඇත්තියෝ විපිළිසර වුවාහු, පසුතැවිලි ඇතිවූවාහු, පහත් ලෝකයකට පැමිණියාහුය. ස්වාමීන් වහන්ස, අප කරා පෙර මනුෂ්‍යවූ පැවිද්දෝ පැමිණියාහුය. ස්වාමීන් වහන්ස, ඒ අපි ගෙවල් පිහිටෙවුවෙමු. ධර්මය අසා දරා ගැනුම්හ. අසා දරා ගන්නා ලද ධර්මයන්ගේ අර්ත්ථය නැවත පරීක්ෂා නොකෙළෙම්හ. ස්වාමීන් වහන්ස, ඒ අපි නොපිරුහුන් කර්මාන්ත ඇත්තියෝ විපිළිසර වුවාහු, පසුතැවිලි ඇතිවූවාහු, පහත් ලෝකයකට පැමිණියාහුය. ස්වාමීන් වහන්ස, අප කරා පෙර මනුෂ්‍යවූ පැවිද්දෝ පැමිණියාහුය. ස්වාමීන් වහන්ස, ඒ අපි ගෙවල් පිහිටෙවුවෙමු. දරාගන්නා ලද ධර්මයන්ගේ අර්ත්ථය නැවත පරික්ෂා කෙළෙම්හ. අර්ත්ථය දැනගෙනථ ධර්මය දැනගෙන, ධර්මානුධර්මයෙන් (යුක්තව) පිළිපැද්දෙමු. ස්වාමීන් වහන්ස, පිරිපුන් නොවූ කර්මාන්ත ඇති විපිළිසරවූ, පසුතැවිළි ඇතිවූ, ඒ අපි ලාමක කයට, පහත් ලොවකට, පැමිණියෝ වෙමු.’’
’’මහණෙනි, අන්‍යවූද බොහෝ දේවතාවෝ මා කරා පැමිණ මෙසේ කීවාහුය. ’’ස්වාමීන් වහන්ස, පෙර මනුෂ්‍යවූ පැවිද්දෝ අප කරා පැමිණියාහුය. ස්වාමීනි, ඒ අපි (දැක) හුනස්නෙන් නැගිටුම්හ. වැනදෙමු, අසුන් දුන්නෙමු. ශක්ති පමණින්, බල පමණින්, (සීලවන්තයන්ට) බෙදා වැළඳවූයෙමු. ධර්මශ්රවණය පිණිස වෙත උන්නෙමු. නමන ලද කන් ඇතුව ධර්මය ඇසූම්හ. ධර්මය අසා දරා ගතුම්හ. දරාගත් ධර්මයන්ගේ අර්ත්ථය නැවත පරීක්ෂා කෙළෙම්හ. අර්‍ත්‍ථයත් දැන, ධර්මයත් දැන, ධර්මානුධර්මයන්ට අනුව පිළිපැදුම්හ. ස්වාමීනි, පරිපූර්ණ කර්මාන්ත ඇති, විපිළිසර නොවු, පසුතැවිළි නොවූ, ඒ අපි ප්‍රණීතවූ කයකට, උසස් ලෝකයකට පැමිණියෙමු.
’’මහණෙනි, මේ රුක්මුල් ශූන්‍යාගාරයන්හි ධ්‍යාන වඩවු. ඒ පූරිමික දේවතාවුන් මෙන් පමා නොවවු. පසුව විපිළිසර නොවවු.’’