ඛුද්දක නිකාය
ඉතිවුත්තකය
1. එකක නිපාතය
1. භොග වර්ගය
4. ක්‍රොධ සූත්‍රය
(මෙහි 1 සූත්‍රයේ 2 (i) යෙදිය යුතුයි.)
මහණෙනි, ක්‍රොධයවූ එක් ධර්මය දුරුකරවු, මම තොපට අනාගාමිඵලය පිණිස ඇපවෙමියි.
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“යම් ක්‍රොධයකින් කිපියාවූ සත්වයෝ දුගතියට යෙද්ද, පණ්ඩිතයෝ ඒ ක්‍රොධය මනාව දැන පහකෙරෙත්, පහකොට නැවත මේ (කාම) ලොකයට කිසි කලෙකත් (ඉපදීම් වශයෙන්) නොපැමිණෙති”යි