සංයුත්තනිකායො

නිදාන වර්ගය

1. නිදාන සංයුත්තය

9. අන්තර පෙය්යාලය

2–12. සික්ඛා සූත්‍රය ආදී වූ පෙය්යාල එකොළහ

සික්ඛා වර්ගය.

සික්ඛා සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තරදුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, ජරා මරණය, තත්වූ පරිදි නොදන්නා විසින් නොදක්නා විසින් ජරාමරණයෙහි, තත්වූ පරිදි නුවණ ඇතිවීම පිණිස හික්මීම කළයුත්තේය. ජරාමරණයට, හේතුව තත්වූ පරිදි නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණයට, හේතුවෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස හික්මීම කළයුත්තේය. තත්වූ පරිදි ජරාමරණය, නැතිවීම නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණය නැතිවීමෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස හික්මීම කළයුත්තේය. තත්වූ පරිදි ජරාමරණය නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගය නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණය නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගයෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස හික්මීම කළයුත්තේය. කළයුතු වන්නේය.”

(පළමුවන සික්ඛා සූත්‍රය නිමි.)

ජාතිය, භවය, උපාදානය (දැඩිව අල්ලා ගැනීම), තණ්හාව, වේදනාව, ස්පර්ශය, සළායතන, නාමරූප, විඤ්ඤාණය, සංස්කාරය ආදී වශයෙන් තවත් සූත්‍ර දහයකි.

දෙවෙනි සික්ඛා වර්ගයයි

(මේ වර්ගයෙහි සික්ඛා සූත්‍ර එකොළොසකි)

යෝග වර්ගය.

යෝග සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬුසිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, ජරාමරණය තත්වූ පරිදි නොදන්නා විසින් නොදක්නා විසින් ජරාමරණයෙහි තත්වූ පරිදි නුවණ ඇතිවීම පිණිස ප්‍රයෝග (උත්සාහ) කළ යුතුය. ජරාමරණයට හේතුව තත්වූ පරිදි නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණයට හේතුවෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ප්‍රයෝග (උත්සාහ) කළ යුතුය. තත්වූ පරිදි ජරාමරණය නැතිවීම නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණය නැතිවීමෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ප්‍රයෝග (උත්සාහ) කළ යුතුය. තත්වූ පරිදි ජරාමරණය නැති කිරීමට ගමන් කළයුතු මාර්ගය නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණය නැති කිරීමට ගමන් කළයුතු මාර්ගයෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ප්‍රයෝග (උත්සාහ) කළයුත්තේය.

(පළමුවෙනි යෝගසූත්‍රය නිමි.)

ජාතිය, භවය, උපාදානය (දැඩිව අල්ලා ගැනීම), තණ්හාව, වේදනාව, ස්පර්ශය, සළායතන, නාමරූප, විඤ්ඤාණය, සංස්කාරය ආදී වශයෙන් තවත් සූත්‍ර දහයකි.

තුන්වෙනි යෝග වර්ගයයි.

(මේ වර්ගයෙහි යෝග සූත්‍ර එකොළොසක්වේ.)

ඡන්ද වර්ගය.

ඡන්ද සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬුසිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තරදුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, ජරා මරණය, තත්වූ පරිදි නොදන්නා විසින්, නොදක්නා විසින් ජරා මරණයෙහි තත්වූ පරිදි නුවණ ඇතිවීම පිණිස කුසලට කැමති බව ඇති කළ යුත්තේය. ජරා මරණයට, හේතුව තත්වූ පරිදි නොදන්නා විසින්, නොදක්නා විසින් ජරා මරණයට, හේතුවෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස කුසලට කැමති බව ඇති කළ යුත්තේය. තත්වූ පරිදි ජරා මරණය, නැතිවීම නොදන්නා විසින්, නොදක්නා විසින් ජරා මරණය නැතිවීමෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස කුසලට කැමති බව ඇති කළ යුත්තේය. තත්වූ පරිදි ජරා මරණය නැති කිරීමට ගමන් කළයුතු මාර්ගය නොදන්නා විසින් නොදක්නා විසින් ජරා මරණය නැති කිරීමට ගමන් කළයුතු මාර්ගයෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස කුසලට කැමති බව ඇති කළ යුත්තේය.”

(පළමුවෙනි ඡන්ද සූත්‍රය නිමි.)

ජාතිය, භවය, උපාදානය (දැඩිව අල්ලා ගැනීම), තණ්හාව, වේදනාව, ස්පර්ශය, සළායතන, නාමරූප, විඤ්ඤාණය, සංස්කාරය ආදී වශයෙන් තවත් සූත්‍ර දහයකි.

හතරවෙනි ඡන්ද වර්ගයයි.

(මේ වර්ගයෙහි ඡන්ද සූත්‍ර එකොළොසක් වේ.)

උස්සොළ්හී වර්ගය.

උස්සොළ්හී සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬුසිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

මහණෙනි, ජරාමරණය තත්වූ පරිදි නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණයෙහි තත්වූ පරිදි නුවණ ඇතිවීම පිණිස අධික වීර්ය කළයුතුය. ජරාමරණයට හේතුව තත්වූ පරිදි නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණයට හේතුවෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස අධික වීර්යය කළයුතුය. තත්වූ පරිදි ජරාමරණය නැතිවීම නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණය නැති වීමෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස අධික වීර්ය කළයුතුය. තත්වූ පරිදි ජරාමරණය නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගය නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණය නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගයෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස අධික වීර්ය කළ යුත්තේය.”

(පළමුවෙනි උස්සොළ්හී සූත්‍රය නිමි.)

ජාතිය, භවය, උපාදානය (දැඩිව අල්ලා ගැනීම), තණ්හාව, වේදනාව, ස්පර්ශය, සළායතන, නාමරූප, විඤ්ඤාණය, සංස්කාරය ආදී වශයෙන් තවත් සූත්‍ර දහයකි.

තුන්වෙනි උස්සොළ්හී වර්ගයයි.

(මේ වර්ගයෙහි උස්සොළ්හී සූත්‍ර එකොළොසක්වේ.)

අප්පටිවානි වර්ගය.

අප්පටිවානි සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬුසිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, ජරා මරණය, තත්වූ පරිදි නොදන්නා විසින්, නොදක්නා විසින් ජරා මරණයෙහි, තත්වූ පරිදි නුවණ ඇතිවීම පිණිස නොපසුබස්නා වීර්යය කළ යුත්තේය. ජරා මරණයට, හේතුව තත්වූ පරිදි නොදන්නා විසින්, නොදක්නා විසින් ජරා මරණයට, හේතුවෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස නොපසුබස්නා වීර්යය කළයුත්තේය. තත්වූ පරිදි ජරා මරණය, නැතිවීම නොදන්නා විසින්, නොදක්නා විසින් ජරා මරණය නැතිවීමෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස නොපසුබස්නා වීර්යය කළයුත්තේය. තත්වූ පරිදි ජරා මරණය නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගය නොදන්නා විසින්, නොදක්නා විසින් ජරා මරණය නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගයෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස නොපසුබස්නා වීර්යය කළ යුත්තේය.”

(පළමුවෙනි අප්පටිවානි සූත්‍රය නිමි.)

ජාතිය, භවය, උපාදානය (දැඩිව අල්ලා ගැනීම), තණ්හාව, වේදනාව, ස්පර්ශය, සළායතන, නාමරූප, විඤ්ඤාණය, සංස්කාරය ආදී වශයෙන් තවත් සූත්‍ර දහයකි.

හතරවෙනි අප්පටිවානි වර්ගයයි

(මේ වර්ගයෙහි අප්පටිවානි සූත්‍ර එකොළොසක් වේ.)

ආතප්ප වර්ගය.

ආතප්ප සූත්‍රය.

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬුසිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

මහණෙනි, ජරාමරණය තත්වූ පරිදි නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණයෙහි තත්වූ පරිදි නුවණ ඇතිවීම පිණිස කෙළෙස් තවන වීර්ය කළයුතුය. ජරාමරණයට හේතුව තත්වූ පරිදි නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණයට හේතුවෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස කෙළෙස් තවන වීර්ය කළයුතුය. තත්වූ පරිදි ජරාමරණය නැතිවීම නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණය නැතිවීමෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස කෙළෙස් තවන වීර්ය කළයුතුය. තත්වූ පරිදි ජරාමරණය නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගය නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණය නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගයෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස කෙළෙස් තවන වීර්ය කළ යුත්තේය.”

(පළමුවෙනි ආතප්ප සූත්‍රය නිමි.)

ජාතිය, භවය, උපාදානය (දැඩිව අල්ලා ගැනීම), තණ්හාව, වේදනාව, ස්පර්ශය, සළායතන, නාමරූප, විඤ්ඤාණය, සංස්කාරය ආදී වශයෙන් තවත් සූත්‍ර දහයකි.

තුන්වෙනි ආතප්ප වර්ගයයි.

(මේ වර්ගයෙහි ආතප්ප සූත්‍ර එකොළොසක්වේ.)

විරිය වර්ගය.

විරිය සූත්‍රය.

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬුසිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

මහණෙනි, ජරාමරණය, තත්වූ පරිදි නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණයෙහි, තත්වූ පරිදි නුවණ ඇතිවීම පිණිස සුද්ධ වීර්යය කළ යුත්තේය. ජරාමරණයට, හේතුව තත්වූ පරිදි නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණයට, හේතුවෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස සුද්ධ වීර්යය කළ යුත්තේය. තත්වූ පරිදි ජරාමරණය, නැතිවීම නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණය නැතිවීමෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස සුද්ධ වීර්යය කළ යුත්තේය. තත්වූ පරිදි ජරාමරණය නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගය නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණය නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගයෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස සුද්ධ වීර්යය කළ යුත්තේය.”

(පළමුවෙනි විරිය සූත්‍රය නිමි.)

ජාතිය, භවය, උපාදානය (දැඩිව අල්ලා ගැනීම), තණ්හාව, වේදනාව, ස්පර්ශය, සළායතන, නාමරූප, විඤ්ඤාණය, සංස්කාරය ආදී වශයෙන් තවත් සූත්‍ර දහයකි.

අටවෙනි විරිය වර්ගයයි.

(මේ වර්ගයෙහි විරිය සූත්‍ර එකොළොසක් වේ.)

සාතච්ච වර්ගය.

සාතච්ච සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬුසිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

මහණෙනි, ජරාමරණය තත්වූ පරිදි නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණයෙහි තත්වූ පරිදි නුවණ ඇතිවීම පිණිස නොනවත්වා ක්‍රියාකිරීම කළයුතුය. ජරාමරණයට හේතුව තත්වූ පරිදි නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණයට හේතුවෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස නොනවත්වා ක්‍රියාකිරීම කළයුතුය. තත්වූ පරිදි ජරාමරණය නැතිවීම නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණය නැතිවීමෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස නොනවත්වා ක්‍රියාකිරීම කළයුතුය. තත්වූ පරිදි ජරාමරණය නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගය නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණය නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගයෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස නොනවත්වා ක්‍රියාකිරීම කළ යුත්තේය.”

(පළමුවෙනි සාතච්ච සූත්‍රය නිමි.)

ජාතිය, භවය, උපාදානය (දැඩිව අල්ලා ගැනීම), තණ්හාව, වේදනාව, ස්පර්ශය, සළායතන, නාමරූප, විඤ්ඤාණය, සංස්කාරය ආදී වශයෙන් තවත් සූත්‍ර දහයකි.

නවවෙනි සාතච්ච වර්ගයයි.

(මේ වර්ගයෙහි සාතච්ච සූත්‍ර එකොළොසක්වේ.)

සති වර්ගය.

සති සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬුසිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

මහණෙනි, ජරාමරණය, තත්වූ පරිදි නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණයෙහි, තත්වූ පරිදි නුවණ ඇතිවීම පිණිස විමසන සිහිය ඇතිකළ යුත්තේය. ජරාමරණයට, හේතුව තත්වූ පරිදි නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණයට, හේතුවෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස විමසන සිහිය ඇතිකළ යුත්තේය. තත්වූ පරිදි ජරාමරණය, නැතිවීම නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණය නැතිවීමෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස විමසන සිහිය ඇතිකළ යුත්තේය. තත්වූ පරිදි ජරාමරණය නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගය නොදන්නා විසින් නොදක්නා විසින් ජරාමරණය නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගයෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස විමසන සිහිය ඇතිකළ යුත්තේය.”

(පළමුවෙනි සති සූත්‍රය නිමි.)

ජාතිය, භවය, උපාදානය (දැඩිව අල්ලා ගැනීම), තණ්හාව, වේදනාව, ස්පර්ශය, සළායතන, නාමරූප, විඤ්ඤාණය, සංස්කාරය ආදී වශයෙන් තවත් සූත්‍ර දහයකි.

දහවෙනි සති වර්ගයයි.

(මේ වර්ගයෙහි සති සූත්‍ර එකොළොසක් වේ.)

සම්පජඤ්ඤ වර්ගය.

සම්පජඤ්ඤ සූත්‍රය.

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬුසිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

මහණෙනි, ජරාමරණය තත්වූ පරිදි නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණයෙහි තත්වූ පරිදි නුවණ ඇතිවීම පිණිස විමසන නුවණ ඇති කළයුතුය. ජරාමරණයට හේතුව තත්වූ පරිදි නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණයට, හේතුවෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස විමසන නුවණ ඇති කළයුතුය. තත්වූ පරිදි ජරාමරණය, නැතිවීම නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණය නැති වීමෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස විමසන නුවණ ඇති කළ යුතුය. තත්වූ පරිදි ජරාමරණය නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගය නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණය නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගයෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස විමසන නුවණ ඇති කළ යුත්තේය.”

(පළමුවෙනි සම්පජඤ්ඤ සූත්‍රය නිමි.)

ජාතිය, භවය, උපාදානය (දැඩිව අල්ලා ගැනීම), තණ්හාව, වේදනාව, ස්පර්ශය, සළායතන, නාමරූප, විඤ්ඤාණය, සංස්කාරය ආදී වශයෙන් තවත් සූත්‍ර දහයකි.

එකොළොස්වෙනි සම්පජඤ්ඤ වර්ගයයි.

(මේ වර්ගයෙහි සම්පජඤ්ඤ සූත්‍ර එකොළොසක් වේ.)

අප්පමාද වර්ගය.

අප්පමාද සූත්‍රය.

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬුසිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

මහණෙනි, ජරාමරණය, තත්වූ පරිදි නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණයෙහි, තත්වූ පරිදි නුවණ ඇතිවීම පිණිස ප්‍රමාද නොවීම ඇතිකළ යුත්තේය. ජරාමරණයට, හේතුව තත්වූ පරිදි නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණයට, හේතුවෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ප්‍රමාද නොවීම ඇතිකළ යුත්තේය. තත්වූ පරිදි ජරාමරණය, නැතිවීම නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණය නැතිවීමෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ප්‍රමාද නොවීම ඇතිකළ යුත්තේය. තත්වූ පරිදි ජරාමරණය නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගය නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණය නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගයෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ප්‍රමාද නොවීම ඇතිකළ යුත්තේය.”

(පළමුවෙනි අප්පමාද සූත්‍රය නිමි.)

ජාතිය, භවය, උපාදානය (දැඩිව අල්ලා ගැනීම), තණ්හාව, වේදනාව, ස්පර්ශය, සළායතන, නාමරූප, විඤ්ඤාණය, සංස්කාරය ආදී වශයෙන් තවත් සූත්‍ර දහයකි.

දොළොස්වෙනි අප්පමාද වර්ගයයි.

(මේ වර්ගයෙහි අප්පමාද සූත්‍ර එකොළොසක් වේ.)

අන්තර පෙය්යාලය නිමි.

නිදාන සංයුත්තය නිමි.