සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
3. දිට්ඨි සංයුත්තය
3. පෙය්‍යාල වර්ගය
1. වාත සූත්‍රය
(මේ සූත්‍රයේ 5 වෙනි ඡෙදය හැර අනිත් කොටස 1603 වෙනි පිටේ වාත සූත්‍රය මෙනි.)
[5] “මහණෙනි, යමක් අනිත්‍යද එය දුකකි. එය ඇති කල්හි එය නිසා ‘වාතයෝ නොහමත්. ගංගාවෝ ගලා නොබසිත් ගර්භනීහු නොවදත් සඳ හිරු උදා නොවෙත්, නොබසිත්. ඉන්ද්‍රඛීලයක් මෙන් සිටියේය’ යන මෙවැනි දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”
එතං මම සූත්‍රය.
(මේ සූත්‍රයේ 5 වෙනි ඡෙදය හැර අනිත් කොටස 1606 වෙනි පිටේ එතං මම සූත්‍රය මෙනි.)
[5] “මහණෙනි, යමක් අනිත්‍යද එය දුකකි. එය ඇති කල්හි එය නිසා, ‘මෙය මගේය. ඒ මම වෙමි. එය මාගේ ආත්මය වේය’ යන මෙවැනි දෘෂ්ටියක් උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”
සො අත්තා සූත්‍රය.
(මේ සූත්‍රයේ 5 වෙනි ඡෙදය හැර අනිත් කොටස 1610 වෙනි පිටේ සො අත්තා සූත්‍රය මෙනි.)
[5] “මහණෙනි, යමක් අනිත්‍යද එය දුකකි. එය ඇති කල්හි එය නිසා ‘හේ ආත්මය වෙයි. හේ ලෝකය වෙයි. හේ පරලොව මම වන්නෙමි. හේ නිත්‍යය, ඒකාන්තය, සදාකාලිකය, නොපෙරලෙන ස්වභාව ඇත්තේය’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”
නෝචමේසියා සූත්‍රය
(මේ සූත්‍රයේ 5 වෙනි ඡෙදය හැර අනිත් කොටස 1613 වෙනි පිටේ නෝචමේසියා සූත්‍රය මෙනි.)
[5] “මහණෙනි, යමක් අනිත්‍යද එය දුකකි. එය ඇති කල්හි එය නිසා, ‘මම නොවෙම් නම් මාගේ නොවෙයි. මම නොවන්නෙම් නම් මාගේ නොවන්නේය, යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”
නත්ථි කරොථ සූත්‍රය (1)
(මේ සූත්‍රයේ 13 වෙනි ඡෙදය හැර අනිත් කොටස 1616 වෙනි පිටේ නත්ථි කරොථ සූත්‍රය (1) මෙනි.)
[13] “මහණෙනි, යමක් අනිත්‍යද එය දුකකි. එය ඇති කල්හි එය නිසා ‘දානයෙහි විපාක නැත. කම්පල අදහා කරණ මහා යාගයන්හි විපාක නැත. පුදන ලද්දෙහි විපාක නැත. කුසලාකුසලයන්ගේ ඵල විපාක නැත. පරලොවක් නැත. මෙලොවක් නැත. මවක් නැත. පියෙක් නැත. ඕපපාතික සත්ත්වයෝ නැත. යමෙක් මෙලොවත් පරලොවත් යහපත් නුවණින් ප්‍රත්‍යක්ෂකොට දැනගනිත්ද, එබඳු යහපත් පැවතුම් ඇති, යහපත් ගති ඇති, මහණ බමුණෝ ලෙව්හි නැත. සතර මහාභූතයන්ගෙන් ඇතිවූ මේ පුරුෂතෙමේ යම්කලෙක කලුරිය කරයිද, එකල පඨවි ධාතුව, පඨවි ධාතුව අනුවයයි. ආපෝ ධාතුව, අපෝ ධාතුව අනුව යයි. තේජෝ ධාතුව, තේජෝ ධාතුව අනුව යයි. වායෝ ධාතුව, වායෝ ධාතුව අනුව යයි. සිත සවැනි කොට ඇති ඉන්ද්‍රියයෝ අහසට ගමන් කරත්. ඇඳ පස්වැනිකොට ඇති මළසිරුර පුරුෂයන් සතර දෙනෙක් ගෙනයත් ගුණාගුණ පදයෝ සොහොන්බිම තෙක් ප්‍රකට වෙත්. ඇට පරෙයිපත් පාට ඇති වෙත්. දෙනලද දානාදීන්ගේ ඵලය අලු කෙළවරකොට ඇත්තේ වෙයි. මේ දානය නම් බාලයන් විසින් පනවනලද ඔවුන්ගේ හිස්වූ සත්‍යයෙන් තොරවූ විලාපයකි. යමෙක් දුන් දෙයෙහි ඵල ඇතැයි කියත්ද, ඒ බාලයෝද, පණ්ඩිතයෝද, ශරීරයාගේ බිඳීමෙන් සිඳීමට යෙත්. විනාශයට යෙත්. මරණින් මතු නූපදිත්’ යන මේ දෘෂ්ටි උපදීද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”
නත්ථි කරොථ සූත්‍රය. (2)
(මේ සූත්‍රයේ 13 වෙනි ඡෙදය හැර අනිත් කොටස 1626 වෙනි පිටේ නත්ථි කරොථ සූත්‍රය (2) මෙනි.)
[13] “මහණෙනි, යමක් අනිත්‍යද එය දුකකි. එය ඇති කල්හි එය නිසා, (පව්කම්) කරන්නාහටද, කරවන්නාහටද, අත්පා ආදිය සිඳින්නාහටද සින්දවන්නාහටද පීඩාකරන්නාහටද පීඩා කරවන්නාහටද ශෝක ඇතිකරන්නාහටද අනුන් ලවා ශෝක කරවන්නාහටද, ක්ලාන්ත කරන්නාහටද, ක්ලාන්ත කරවන්නාහටද, බඳින්නාහටද, බන්දවන්නාහටද, ප්‍රාණඝාත කරන්නාහටද, සොරකම් කරන්නාහටද, ගෙවල් බිඳින්නාහටද, ගම් පහරන්නාහටද, ගේ වටකර බඩු පැහැරගන්නාහටද, මග රැක සිට අන්සතු දෙය පැහැර ගන්නාහටද, පරඹුවන් කරා යන්නාහටද බොරු කියන්නාහටද, පව් කරන්නාහටද පාපයක් නැත. කඩු හාත්පස ඇති චක්‍රයකින් යමෙක් පෘථිවියෙහි වූ සියලු ප්‍රාණින් එකම මස් රැසක් එකම මස් ගොඩක් කරන්නේද ඒ නිසා වන පවක් නැත, පාපයාගේ පැමිණීමක්ද නැත. නසමින් ඝාතනය කරමින් සිඳිමින් සින්දවමින් පීඩාකරමින් පීඩා කරවමින් ගංගා නදියෙහි දකුණු ඉවුර තෙක් යන්නේද, ඒ හේතුකොට ගෙන වන පවක් නැත. පාපයාගේ පැමිණීමක්ද නැත, දන්දෙමින් දෙවමින් මහාදාන සංඛ්‍යාත යාගකරමින් යාග කරවමින් ගංගා නදියෙහි උතුරු ඉවුරු දක්වා ඉදින් යන්නේද, ඒ හේතුකොටගෙන වන පිනක් නැත. පුණ්‍යයාගේ පැමිණීමක්ද නැත. දීම කරණකොට ගෙනද, දානයෙන් ඉන්ද්‍රිය දමනයෙන් සීල සංයමයෙන් සත්‍ය වචනයෙන් වන්නාවූ පින්නැත. පුණ්‍යයාගේ පැමිණීමක් නැත,’ යන මේ දෘෂ්ටි උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”
නත්ථි හේතු සූත්‍රය
(මේ සූත්‍රයේ 13 වෙනි ඡෙදය හැර අනිත් කොටස 1637 වෙනි පිටේ නත්ථි හේතු සූත්‍රය මෙනි.)
[13] “මහණෙනි, යමක් අනිත්‍යද එය දුකකි. එය ඇති කල්හි එය නිසා, ‘සත්ත්වයින්ගේ කෙලෙසීම පිණිස හේතුවක් නැත්තේය. ප්‍රත්‍යයක් නැත්තේය. හේතු රහිතව ප්‍රත්‍යය රහිතව සත්ත්වයෝ කෙලෙසෙත්. සත්ත්වයන්ගේ විසුද්ධිය පිණිස හේතුවක් නැත්තේය. ප්‍රත්‍යයක් නැත්තේය. හේතු රහිතව ප්‍රත්‍යය රහිතව සත්ත්වයෝ පිරිසිදු වෙත්. (දිව්‍ය ලොකාදියෙහි ඉපදීමට හේතුවන) බලයක් නැත. වීර්යයක් නැත. පුරුෂ ශක්තියක් නැත. පුරිස පරාක්‍රමයක් නැත. සියලු සත්ත්වයෝ, සියලු ප්‍රාණීහු, සියලු භූතයෝ ශාලියවාදී සියලු ජීවීහු තමා වසඟයෙහි නොපවත්නාහු, බල රහිත වූවාහු, වීර්ය නැත්තාහු, නියම වශයෙන්ද, ඒ ඒ ජාතීන්හි ගමන්කිරීම් වශයෙන්ද ස්වභාව වශයෙන්ද, නොයෙක් ආකාරයට පැමිණියාහු තණ්හාභිජාති ආදී සවැදෑරුම් ශ්‍රෙෂ්ඨ ජාතිවල සැප දුක් නැවත නැවත විඳිත්’ යන මෙබඳු දෘෂ්ටි උපදීද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”
මහාදිට්ඨ සූත්‍රය.
(මේ සූත්‍රයේ 13 වෙනි ඡෙදය හැර අනිත් කොටස 1644 වෙනි පිටේ මහාදිට්ඨ සූත්‍රය මෙනි.)
[13] “මහණෙනි, යමක් අනිත්‍යද එය දුකකි. එය ඇති කල්හි එය නිසා, ‘කිසිවෙකු විසින් නොකරණලද කිසිවෙකුගේ විධානය නොකරණ ලද කිසිවෙකු විසින් නිර්මාණය නොකරන ලද නිර්මාණය නොකරවන ලද පර්වත කූටයක් මෙන් නිශ්ඵලවූ ඉන්ද්‍රඛීලයක් මෙන් නිශ්චලවූ ධර්ම සමූහ හතක් වෙත්. ඔව්හු නො සැලෙත්, ප්‍රකෘතිය නොහරිත්, ඔවුනොවුන්ට බාධා නොකරත්.
ඔවුනොවුන්ට සැප පිණිස හෝ දුක් පිණිස හෝ සැප දුක් පිණිස හෝ නොසමත් වෙත්. ඒ සත්ධර්ම සමූහයෝ කවරහුද?
“පෘථිවිධාතු සමූහය, ආපෝධාතු සමූහය, තේජෝධාතු සමූහය, වායෝධාතු සමූහය, සුඛධාතු සමූහය, දුක්ඛධාතු සමූහය, ජීවධාතු සමූහය යන මේ ධාතු සමූහයා (කිසිවෙකු විසින්) නොකරණලදහ. කිසි විධානයක් නොකරණලදහ. කිසිවෙකු විසින් නොමවනලදහ. කිසිවෙකු විසින් මැවීම නොකරවනලදහ. (ඵල රහිත හෙයින්) වඳයහ. පර්වතකූටයක් මෙන් නිශ්චලව සිටියහ. ඉන්ද්‍රඛීලයක් මෙන් නිශ්චලව සිටියාහ. ඔව්හු නොසැලෙත්, ප්‍රකෘතිය නොහරිත්, ඔවුනොවුන් නොගැටෙත්, සුව පිණිස හෝ දුක් පිණිස හෝ සුවදුක් පිණිස හෝ නොසමත් වෙත්. යමෙක් තියුණු ආයුධයකින් හිස සිඳීද, (එයින්) කිසිවෙක් කිසිවෙකු ජීවිතයෙන් තොර නොකරයිද, සත්වැදෑරුම්වූ ශරීරයන්ගේ අතරෙන්ම ආයුධය ඇතුලට ගමන් කරයි.
‘මේ වනාහි ක්ෂත්‍රිය බ්‍රාහ්මණාදී උත්තමයෝනීන් සම්බන්ධ තුදුස් ලක්ෂ හයදහස් හයසියයක්ද, කර්ම පන්සියයක්ද කර්ම පසක්ද, කර්ම තුනක්ද, කාය වාක් කර්ම දෙකක්ද, මනෝකර්ම නම්වූ අර්ධ කර්මයද, දෙසැටක් ප්‍රතිපදාවෝද, දෙසැටක් අන්තර කල්පයෝද, කෘෂ්ණාදී ශ්‍රෙෂ්ඨ ජාති සයක්ද, මන්දාදී පුරිෂ භූමි අටද, ආජීවිකවෘත්ති එක්සිය නවසාළිසක්ද, පරිව්‍රාජක ප්‍රව්‍රජ්‍යා එකසිය සතළිස් නවයක්ද, නාග මණ්ඩල එකසිය හතළිස් නවයක්ද, ඉන්ද්‍රියය එකසිය විස්සක්ද, නිරය එකසිය තිහක්ද, අත් පා පිටු ආදී රාජොධාතු තිස් හයක්ද, ඔටු ගවාදී සංඥී ගර්භ සතක්ද, සාලියවාදී අසංඥී ගර්භ සතක්ද, උක් ආදී නිර්ඝණ්ඨි ගර්භ සතක්ද, දෙවයෝනි සතක්ද නොහොත් බොහෝ දෙවියෝද, මනුෂ්‍ය යෝනි සතක්ද නොහොත් බොහෝ මනුෂ්‍යයෝද, පිසාචයෝනි සතක්ද, මහාවිල් සතක්ද, ගැට සතක්ද, මහා ප්‍රපාත සතක්ද, කුඩා ප්‍රපාත එකසිය සතක්ද, මහා ස්වප්න සතක්ද, කුඩා ස්වප්න එකසිය හතක්ද චූලාසීති මහා කල්ප ලක්ෂයක්ද ගෙවා බාලයෝද, පණ්ඩිතයෝද, භවයෙන් භවය ගමන් කොට (සසර) සැරිසරා දුක් කෙළවර කරන්නාහ.
‘එහි මම මේ අචේලක සීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බ්‍රහ්මචර්යාවෙන් හෝ මුහුකිරීමට නොපැමිණි කර්මය හෝ මුහුකුරුවන්නෙමි. මුහුකිරීමට ගියාවූ කර්මය හෝ ස්පර්ශ කරමින් ගෙවීම කරන්නෙමැයි කියාද, මෙසේ නැත්තේය. නැලියෙන් මැණ ප්‍රමාණ කරණලද්ද මෙන් සසර සුව දුක් කියනලද කාල ප්‍රමාණයෙන් කෙළවර කළ කල්හි (සසර) අඩුවීමක් හෝ වැඩිවීමක් නැත්තේය. උසස් බවක් හෝ පහත් බවක් නැත්තේය. වෙලනලද නූල් බෝලයක් (පර්වතයක හෝ ගසක් උඩ සිට) විසිකරණ ලද්දේ යම්සේ ලිහෙමින්ම යයිද, (නූල අවසන්වූ කල්හි එහිම නතර වෙයිද) එපරිදිම බාලයෝද, පණ්ඩිතයෝද, භවයෙන් භවයට ගමන් කරමින් සුවදුක් කෙළවර කරති,’ යන මේ දෘෂ්ටි උපදීද?” “ස්වාමීනි, එය නොවන්නේමය.”
සස්සත සූත්‍රය
(මේ සූත්‍රයේ 5 වෙනි ඡෙදය හැර අනිත් කොටස 1665 වෙනි පිටේ සස්සත සූත්‍රය මෙනි.)
[5] “මහණෙනි, යමක් අනිත්‍යයද එය දුකකි. එය ඇති කල්හි එය නිසා, ‘ලෝකය සදාකාලිකය’ යන මේ දෘෂ්ටිය උපදීද?” -“ස්වාමීනි, එය නොවන්නේමය.”
අසස්සත සූත්‍රය
(මේ සූත්‍රයේ 5 වෙනි ඡෙදය හැර අනිත් කොටස 1668 වෙනි පිටේ අසස්සත සූත්‍රය මෙනි.)
[5] “මහණෙනි, යමක් අනිත්‍යද එය දුකකි. එය ඇති කල්හි එය නිසා, ‘ලෝකය සදාකාලික නොවේ. යන මේ දෘෂ්ටිය උපදීද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”
අන්ත සූත්‍රය.
(මේ සූත්‍රයේ 5 වෙනි ඡෙදය හැර අනිත් කොටස 1671 වෙනි පිටේ අන්ත සූත්‍රය මෙනි.)
[5] “මහණෙනි, යමක් අනිත්‍යද එය දුකකි. එය ඇති කල්හි එය නිසා ‘ලෝකය අන්තවත්ය (කෙළවරක් ඇත්තේය)’ යන මේ දෘෂ්ටිය උපදීද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”
අනත්ත සූත්‍රය.
(මේ සූත්‍රයේ 5 වෙනි ඡෙදය හැර අනිත් කොටස 1674 වෙනි පිටේ අනන්ත සූත්‍රය මෙනි.)
[5] “මහණෙනි, යමක් අනිත්‍යද එය දුකකි. එය ඇති කල්හි එය නිසා, ‘ලෝකය කෙළවරක් නැත්තේය’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”
තංජීවං සූත්‍රය.
(මේ සූත්‍රයේ 5 වෙනි ඡෙදය හැර අනිත් කොටස 1677 වෙනි පිටේ තංජීවං සූත්‍රය මෙනි.)
[5] “මහණෙනි, යමක් අනිත්‍යද එය දුකකි. එය ඇති කල්හි එය නිසා, ‘එය ජීවිතය වෙයි, එය ශරීරය වෙයි’ යන මේ දෘෂ්ටිය උපදීද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”
අඤ්ඤංජීවං සූත්‍රය
(මේ සූත්‍රයේ 5 වෙනි ඡෙදය හැර අනිත් කොටස 1680 වෙනි පිටේ අඤ්ඤංජීවං සූත්‍රය මෙනි.)
[5] “මහණෙනි, යමක් අනිත්‍යද එය දුකකි. එය ඇති කල්හි එය නිසා, ‘ජීවය අනිකකි. ශරීරය අනිකකි, යන මේ දෘෂ්ටිය උපදීද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”
තථාගත සූත්‍රය. (1)
(මේ සූත්‍රයේ 5 වෙනි ඡෙදය හැර අනිත් කොටස 1683 වෙනි පිටේ තථාගත සූත්‍රය මෙනි.)
[5] “මහණෙනි, යමක් අනිත්‍යද එය දුකකි. එය ඇති කල්හි එය නිසා, ‘සත්ත්ව තෙමේ මරණින් පසු ඇත්තේය, එය මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”
තථාගත සූත්‍රය. (2)
(මේ සූත්‍රයේ 5 වෙනි ඡෙදය හැර අනිත් කොටස 1686 වෙනි පිටේ තථාගත සූත්‍රය මෙනි.)
[5] “මහණෙනි, යමක් අනිත්‍යද එය දුකකි. එය ඇති කල්හි එය නිසා, ‘සත්ත්ව තෙමේ මරණින් පසු නැත්තේය’ එය මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”
තථාගත සූත්‍රය. (3)
(මේ සූත්‍රයේ 5 වෙනි ඡෙදය හැර අනිත් කොටස 1689 වෙනි පිටේ තථාගත සූත්‍රය මෙනි.)
[5] “මහණෙනි, යමක් අනිත්‍යද එය දුකකි. එය ඇති කල්හි එය නිසා, ‘මරණින් පසු සත්ත්වයා ඇත්තේද වෙයි. නැත්තේද වෙයි’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”
තථාගත සූත්‍රය. (4)
(මේ සූත්‍රයේ 5 වෙනි ඡෙදය හැර අනිත් කොටස 1692 වෙනි පිටේ තථාගත සූත්‍රය මෙනි.)
[5] “මහණෙනි, යමක් අනිත්‍යද එය දුකකි. එය ඇති කල්හි එය නිසා, ‘මරණයෙන් පසු සත්ත්වතෙමේ නොවේමය, නොවන්නේත් නොවේය’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?” -“ස්වාමීනි, එය නොවන්නේමය.”
අත්තා සූත්‍රය. (1)
(මේ සූත්‍රයේ 4 වෙනි ඡෙදය හැර අනිත් කොටස 1703 වෙනි පිටේ අත්තා සූත්‍රය මෙනි. 4 වෙනි ඡෙදයේ “එසේ නොවේ” යන වචන ඇති තැන්වලට පසු මේ වචන යොදාගත යුතුයි.)
[5] “මහණෙනි, යමක් අනිත්‍යද එය දුකකි. එය ඇති කල්හි එය නිසා, ‘මරණයෙන් මතු අරමුණ නිරෝගීවූ ආත්මය වෙයි’ යන මෙවැනි දෘෂ්ටියක් උපදියි.
අත්තා සූත්‍රය. (2)
(මේ සූත්‍රයේ 4 වෙනි ඡෙදය හැර අනිත් කොටස 1706 වෙනි පිටේ අත්තා සූත්‍රය මෙනි. 4 වෙනි ඡෙදයේ “එසේ නොවේ” යන වචන ඇති තැන්වලට පසු මේ වචන යොදාගත යුතුයි.)
[5] “මහණෙනි, යමක් අනිත්‍යද එය දුකකි. එය ඇති කල්හි එය නිසා, ‘මරණයෙන් පසු ධ්‍යානය (අරූපී බව) නිරෝගීවූ ආත්මය වෙයි’ යන මෙවැනි දෘෂ්ටියක් උපදියි.”
අත්තා සූත්‍රය. (3)
(මේ සූත්‍රයේ 4 වෙනි ඡෙදය හැර අනිත් කොටස 1709 වෙනි පිටේ අත්තා සූත්‍රය මෙනි. 4 වෙනි ඡෙදයේ “එසේ නොවේ” යන වචන ඇති තැන්වලට පසු මේ වචන යොදා ගත යුතුයි.)
[5] “මහණෙනි, යමක් අනිත්‍යද එය දුකකි. එය ඇති කල්හි එය නිසා, ‘අරමුණද, ධ්‍යානයද, මරණයෙන් මතු නිරෝගී ආත්මය වෙයි’ යන මෙවැනි දෘෂ්ටියක් උපදියි.”
අත්තා සූත්‍රය. (4)
(මේ සූත්‍රයේ 4 වෙනි ඡෙදය හැර අනිත් කොටස 1712 වෙනි පිටේ අත්තා සූත්‍රය මෙනි. 4 වෙනි ඡෙදයේ “එසේ නොවේ” යන වචන ඇති තැන්වලට පසු මේ වචන යොදා ගත යුතුයි.)
[5] “මහණෙනි, යමක් අනිත්‍යද එය දුකකි. එය ඇති කල්හි එය නිසා, ‘අරමුණද නොවන, ධ්‍යානයද නොවන්නක් මරණින් පසු නිරෝගී ආත්මය වෙයි’ යන මෙවැනි දෘෂ්ටියක් උපදියි.”
අත්තා සූත්‍රය. (5)
(මේ සූත්‍රයේ 4 වෙනි ඡෙදය හැර අනිත් කොටස 1715 වෙනි පිටේ අත්තා සූත්‍රය මෙනි. 4 වෙනි ඡෙදයේ “එසේ නොවේ” යන වචන ඇති තැන්වලට පසු මේ වචන යොදා ගත යුතුයි.)
[5] “මහණෙනි, යමක් අනිත්‍යද එය දුකකි. එය ඇති කල්හි එය නිසා, ‘මරණින් පසු නිරෝගීවූ ඒකාන්තයෙන් සැපවූ ආත්මයක් වේය’ යන මෙවැනි දෘෂ්ටියක් උපදියි.”
අත්තා සූත්‍රය. (6)
(මේ සූත්‍රයේ 4 වෙනි ඡෙදය හැර අනිත් කොටස 1718 වෙනි පිටේ අත්තා සූත්‍රය මෙනි. 4 වෙනි ඡෙදයේ “එසේ නොවේ” යන වචන ඇති තැන්වලට පසු මේ වචන යොදා ගත යුතුයි.)
[5] “මහණෙනි, යමක් අනිත්‍යද එය දුකකි. එය ඇති කල්හි එය නිසා, ‘මරණින් පසු නිරෝගීවූ ඒකාන්තයෙන් දුක්වූ ආත්මයක් වෙයි’ යන මෙවැනි දෘෂ්ටියක් උපදියි.
අත්තා සූත්‍රය. (7)
(මේ සූත්‍රයේ 4 වෙනි ඡෙදය හැර අනිත් කොටස 1720 වෙනි පිටේ අත්තා සූත්‍රය මෙනි. 4 වෙනි ඡෙදයේ “එසේ නොවේ” යන වචන ඇති තැන්වලට පසු මේ වචන යොදා ගත යුතුයි.)
[5] “මහණෙනි, යමක් අනිත්‍යද එය දුකකි. එය ඇති කල්හි එය නිසා, ‘මරණින් පසු නිරෝගීවූ සැපද වන දුකද වන ආත්මයක් වෙයි’ යන මෙවැනි දෘෂ්ටියක් උපදියි.”