සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
2. වේදනා සංයුත්තය
3. අට්ඨසත පරියාය වර්‍ගය
10. සුද්ධික සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කාලක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි,’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර තුනක්ද යත් සැප වේදනාය, දුක් වේදනාය, දුක්ද නොවූ සැපද නොවූ වේදනාය යන තුනයි. මහණෙනි, මොවුහු ත්‍රිවිධ වේදනාවෝ වෙත්.