සංයුත්තනිකායො
මහා වර්ගය
11. සොතාපත්ති සංයුත්තය
5. සගාථක පුඤ්ඤාභිසන්ද වර්ගය
6. අරියකන්ත සූත්රය
“මහණෙනි, ධර්ම සතරකින් යුක්තවූ ආර්ය්යශ්රාවක තෙමේ අපායෙහි නොවැටීම ස්වභාවයකොට ඇත්තාවූ නියත ගති ඇත්තාවූ මතුමාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙක් වෙයි. කවර සතරකින්ද?
(මේ ඡෙද පුඤ්ඤාභිසන්ද වර්ගයේ 1 වෙනිසූත්රයේ 2, 4, 6, 8 වෙනි ඡෙද මෙනි.)
‘මහණෙනි, මේ ධර්මසතරින් යුක්තවූ ආර්ය්යශ්රාවක තෙමේ අපායෙහි නොවැටීම ස්වභාවකොට ඇත්තාවූ නියත ගති ඇත්තාවූ මතු මාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ සෝවාන්වූයේ වේයයි” වදාළේය.