ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
12. මහා පරිවාර වග්ග
8. මග්ග සඤ්ඤක ථෙරාපදානය
’’පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ වචනයෙහි හැසිරෙන ශ්‍රාවකයෝ මහවනයෙහි මංමුළාවූවාහු අන්‍ධවූවෝ මෙන් ඒ මේ අත හැසිරෙත්.
’’පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ඒ මහ වෙනෙහිවූ මංමුළාවූ ශ්‍රාවකයන්ද සිහිකොට
’’භවනයෙන් බැස එම භික්‍ෂූන් වෙතට පැමිණයෙමි. මම උන්වහන්සේලාට මාර්‍ගයද කීමි. බොජුන්ද දුනිමි.
’’විපදෝත්තමයන් වහන්ස, ලෝක ජ්‍යෙෂ්ඨයන් වහන්ස, නරශ්‍රේෂ්ඨයන් වහන්ස, එම පුණ්‍ය කර්‍මය කරණ කොට ගෙණ උත්පත්තියෙන් සත් හැවිරිදිවූ මම රහත් බවටද පැමිණියෙමි.
’’මින් පන්සියවන කපෙහි සත්රුවනින් යුත් නම්න් සචක්ඛු නම්වූ දොළොස් සක්විති රජ කෙනෙක් වූහ.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් මග්ග සඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
මග්ගසඤ්ඤකත්ථෙරස්සාපදානං අට්ඨමං.