ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

21. කණිකාරපුප්ඵිය වග්ග

1. කණිකාරපුප්ඵිය ථෙරාපදානය

’’මම එකල්හි පිපුණු කිණිහිරි රුකක් දැක, චතුරෝයන් තරණය කළාවූ, තාදී ගුණ ඇති තිස්ස බුදුරජාණන් වහන්සේට (එම මල් නෙලා) දුනිමි.

’’මින් දෙඅනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.

’’මින් පන්තිස්වන කපෙහි සත්රුවනින් යුත්, මහත් බල ඇති ’’අරුණපාණී’’ යයි ප්‍රකටවූ සක්විති රජෙක් වීමි.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් කණිකාරපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

කණිකාරපුප්ඵියත්ථෙරස්සාපදානං පඨමං.