ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

31. පදුම කෙසර වග්ග

1. පදුම කෙසරිය ථෙරාපදානය

’’මම පෙර (ප්‍රත්‍යෙක බුද්ධ) ඎෂී සමූහයා අතුරෙහි මෘතඞ්ග හස්ති කුලයෙහි උපන් චණ්ඩ නම් හස්තියෙක් වීමි. පසේ බුදුවරුන් වහන්සේලාට පැහැදී පියුම් කෙසරු විසිරවීමි.

’’කම්පා කරණ ලද කෙළෙස් ඇති, තාදී ගුණ ඇති, ඒ පසේ බුදුවරුන් වහන්සේලා කෙරෙහි සිත පහදවා මම කල්පයක් මුළුල්ලෙහි ස්වර්ගයෙහි සතුටුවීමි.

’’මින් එක් අනූවන කපෙහි වූ එකල්හි පියුම් කෙසරු විසිරවීම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදුම කෙසරිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

පදුමකෙසරියත්ථෙරස්සාපදානං පඨමං.