ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

36. සද්ද සඤ්ඤක වග්ග

9. සරණගමණීය ථෙරාපදානය

’’එකල්හි ආජීවකයෙක්වූ මමද, භික්‍ෂුවක්ද, නැවකට නැගුණෙමු. නැව බිඳෙන කල්හි ආජීවකයෙක්වූ මට භික්‍ෂුව සරණ දුන්නේය.

’’මින් එක් තිස්වන කපෙහි වූ එකල්හි ඒ භික්‍ෂු තෙමේ මට යම් සරණයක් දුන්නේද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මේ සරණාගමණයෙහි විපාකයයි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සරණගමණීය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

සරණගමනියත්ථෙරස්සාපදානං නවමං.