ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
38. බොධිවන්‍දක වග්ග
9. සුමනදාසිය ථෙරාපදානය
’’(චතුර් මාර්‍ග ඥාන ජලයෙන් කෙළෙස් කසට සේදී යන සේ) ස්නානය කළාවූ තපොගුණ ඇති සිද්‍ධාර්ත්‍ථ බුදුරජාණන් වහන්සේට ඉදිරියෙහි සිටියේ සමන්මල් දමක් කොට දැරීමි.
’’මින් සිව් අනූවන කපෙහි යම් (සමන් මල්) දමක් දැරූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. සුමන මල් දම් දැරීමෙහි මේ විපාකයයි.
’’බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන්ම මාගේ යහපත් පැමිණීමක් විය. ත්‍රිවිද්‍යාවෝ පැමිණෙන ලද්දාහු වෙති. ත්‍රිවිද්‍යා (ලාබීමි.) බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
’’මා විසින් කෙළෙස් දවන ලදී. සියළු භවයෝ නසන ලදහ. හස්තියෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුමනදාසිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
සුමනදාමියත්ථෙරස්සාපදානං නවමං.