ඛුද්දකනිකායෙ
ථෙරී අපදාන පාළිය
4. ඛත්තියා වග්ග
10. පෙසලාපදානය
’’මෙම භද්‍ර කල්පයෙහි බ්‍රාහ්මණ වංශයෙහිවූ, මහත් යශස් ඇති, කථාකරන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨවූ, නම්න් කාශ්‍යප නම්වූ බුදුරජතෙම ලොව පහළවිය.
’’මම උතුම්වූ සැවැත් නගරයෙහි උපාසක කුලයක උපන්නී, එම බුද්‍ධශ්‍රේෂ්ටයන් වහන්සේ දැක දහම් දෙසුමද අසා,
’’එම වීරයන් වහන්සේ කරණකොට ගොස් සිල්ද සමාදන්වීමි. නරශ්‍රේෂ්ඨවූ ඒ මහාවීර තෙමේ කිසියම් දිනක මහාජන රැස්විමකදී,
’’තමන් වහන්සේගේ සම්‍යක් සම්බෝධිය පැවසූ සේක. ’’පෙර නොඇසූ විරූ දුඃඛාදී චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්‍මයන් විෂයයෙහි මට ඥානචක්‍ෂුසයද, දැනීමද, ප්‍රඥාවද, විද්‍යාවද (පහළ) විය.’’ තමන්වහන්සේගේ සම්‍යක් සම්බෝධිය පැවසූ සේක. ’’පෙර නොඇසූ විරූ දුඃඛාදී චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්‍මයන් විෂයයෙහි මට ඥාන චක්‍ෂුසයද, දැනීමද, ප්‍රඥාවද, විද්‍යාවද (පහළ) විය’’ (කියායි.) එය අසා ඉගෙනගන භික්‍ෂූන්ගෙන්ද විචාළෙමි.
’’මැනවින් කරන ලද එම කර්‍මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මිනිස් සිරුර හැර මම තව්තිසා දෙව්ලොවට (උත්පත්ති) වශයෙන් ගියෙමි.
’’දැන් අන්තිම භවයෙහි සිටු මහසල් කුලයෙහි උපන්නී, බුදුරජුන් වෙත එළඹ, සිව්සස් යුතුවූ සදහම් අසා,
’’පැවිදිව නොබෝ කලකින්ම සත්‍යාර්ත්‍ථයන් සොයමින් සියළු ආශ්‍රවයන් ගෙවා රහත්බවට පැමිණියෙමි.
’’මහා මුනීන් වහන්ස, ඎද්ධීන්හිද, දිව්‍ය ශ්‍රෝත ධාතු ඥානයෙහිද වශී වෙමි. චෙතොපරිය ඥානයාගේද වශී වෙමි.
’’පෙර විසූ කඳ පිළිවෙළ දනිමි. දිවැස පිරිසිදු කරන ලදී. සියළු ආශ්‍රවයෝ ක්‍ෂය කරන ලදහ. දැන නැවත ඉපදීමක් නැත.
’’අර්ත්‍ථ, ධර්‍ම, නිරුක්තීන්හිද, එසේම ප්‍රතිභාණයන්හිද, මාගේ ඥානය බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ බලයෙන් නිර්‍මලය, පිරිසිදුය.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතින්නියක මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’බුද්‍ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන් අපගේ පැමිණීමක් විය. (අප විසින්) පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇතියහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
’’ප්‍රතිසම්භිදාවෝ සිව්ිපිළිසිඹියාවෝද, අෂ්ට විමෝක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.’’
මෙහි මේ අයුරින් පෙසලා භික්‍ෂුණීන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පෙසලාථෙරියාපදානං දසමං.
ඛත්තියාවග්ගො චතුත්ථො.
ථෙරිකාපදානං සමත්තං.
අපදානපාළි සමත්තා.