අංගුත්තර නිකාය
එක නිපාතය
12. අධර්ම වර්ගය
150
අධම්මහාපන සූත්‍රය:—1.“මහණෙනි, යම් භික්ෂු කෙනෙක් අධර්මය අධර්මයයි දක්වත්ද,
2. “මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස බොහෝ දෙනාට යහපත පිණිස දෙවි මිනිසුන්ට හිත පිණිස සැප පිණිස පිළිපන්නාහු වෙත්. මහණෙනි, ඒ භික්ෂූහු බොහෝවූ පිණක්ද රැස් කෙරෙත්. ඒ භික්ෂූහු ම මේ ශාසනය පිහිටුවත්.’
(මේ වර්ගයේ සෑම සූත්‍රවලම 2 ඡෙදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 2 ඡෙදය මෙනි)
151
ධම්මදීපන සූත්‍රය—1. ‘මහණෙනි, යම් භික්ෂු කෙනෙක් ධර්මය ධර්මයයි දක්වත්ද,
152
අවිනයහාපන සූත්‍රය—“මහණෙනි, යම් භික්ෂු කෙනෙක් අවිනය අවිනයයි දක්වත්ද,
153
විනයදීපන සූත්‍රය—‘මහණෙනි, යම් භික්ෂුකෙනෙක් විනය විනයයි දක්වත්ද,
154
අභාසිතහාපන සූත්‍රය—“මහණෙනි, යම් භික්ෂු කෙනෙක් තථාගතයන් විසින් නොකියනලද්ද ප්‍රකාශ නොකරණ ලද්ද තථාගතයන් විසින් නොකියන ලද්දේය ප්‍රකාශ නොකරණ ලද්දේයයි දක්වත්ද,
155
භාසිතදීපන සූත්‍රය—“මහණෙනි, යම් භික්ෂුකෙනෙක් තථාගතයන් විසින් කියනලද්ද ප්‍රකාශකරණ ලද්ද තථාගතයන් විසින් කියනලද්දේය ප්‍රකාශ කරණලද්දේයයි දක්වත්ද,
156
අණාචිණ්ණහාපන සූත්‍රය—“මහණෙනි, යම් භික්ෂු කෙනෙක් තථාගතයන් විසින් පුරුදු නොකරණලද්ද තථාගතයන් විසින් පුරුදු නොකරණලද්දේයයි දක්වත්ද,
157
ආචිණ්ණදීපන සූත්‍රය—“මහණෙනි, යම් භික්ෂු කෙනෙක් තථාගතයන් විසින් පුරුදුකරණ ලද්ද තථාගතයන් විසින් පුරුදු කරණලද්දේයයි දක්වත්ද,
158
“අපඤ්ඤත්ත හාපන සූත්‍රය—“මහණෙනි, යම් භික්ෂූ කෙනෙක් තථාගතයන් විසින් නොපනවන ලද්ද තථාගතයන් විසින් නොපනවන ලද්දේයයි දක්වත්ද,
159
පඤ්ඤත්තදීපන සූත්‍රය—“මහණෙනි, යම් භික්ෂු කෙනෙක් තථාගතයන් විසින් පනවන ලද්ද තථාගතයන් විසින් පනවන ලද්දේයයි දක්වත්ද.
(දොළොස්වන වර්ගය නිමි.)
මේ වර්ගයේ සෑම සූත්‍රවලම 2 ඡෙදය 140 වෙනි අධර්මවාදි වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 2 ඡෙදය මෙනි.
13. අනාපත්ති වර්ගය. (ස)
160
අනාපත්තිදීපන සූත්‍රය—1 “මහණෙනි, යම් භික්ෂු කෙනෙක් ඇවැත් නොවූ (නිවරදවූ) දේ ඇවත (වරද) යයි දක්වත්ද,
161
ආපත්තිහාපන සූත්‍රය—“මහණෙනි, යම් භික්ෂු කෙනෙක් ඇවැත්වූ දේ ඇවැත් නොවේයයි දක්වත්ද
162
ලහුකාපත්ති ගරුකරණ සූත්‍රය—“මහණෙනි, යම් භික්ෂු කෙනෙක් සැහැල්ලු ඇවත ගරු ඇවතයයි දක්වත්ද,
163
ගරුකාපත්ති ලහුකරණ සූත්‍රය—“මහණෙනි, යම් භික්ෂු කෙනෙක් ගරු ඇවත ලුහු ඇවතයයි දක්වත්ද,
164
දුට්ඨුල්ලහාපන සූත්‍රය—“මහණෙනි, යම් භික්ෂූ කෙනෙක් දොෂබහුල වූ ඇවත දොෂ බහුල නොවූ ඇවත යයි දක්වත්ද
165
අදුට්ඨුල්ලදීපන සූත්‍රය—“මහණෙනි, යම් භික්ෂු කෙනෙක් (දුකුළා නොවූ ඇවත දුකුළා ඇවතයයි දක්වත්ද
166
සාවසෙසහාපන සූත්‍රය—“මහණෙනි, යම් භික්ෂු කෙනෙක් සාවසෙසාපත්තිය (ඉතුරුවූ ඇවත) අනවසෙසාපත්තියයි (ඉතුරු නුවූ ඇවත) යයි දක්වත්ද,
167
අනවසෙසදීපන සූත්‍රය—“මහණෙනි, යම් භික්ෂූ කෙනෙක් අනවසෙසාපත්තිය සාවසෙසාපත්තියයි දක්වත්ද
168
සප්පටිකම්මහාපන සූත්‍රය—“ප්‍රතිකර්ම සහිත පිළියම් කළ හැකි ඇවත ප්‍රතිකර්ම රහිත ඇවතයයි දක්වත්ද,
169
අප්පටිකම්මදීපන සූත්‍රය—“මහණෙනි, යම් භික්ෂූ කෙනෙක් ප්‍රතිකර්ම රහිත ඇවත ප්‍රතිකර්ම සහිත (පිළියම් කළ නොහැකි) ඇවතයයි දක්වත්ද,
(අනාපත්ති වර්ගය නිමි)