අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

2. දුතිය පණ්ණාසකය

(10) 5. උපාසක වර්‍ගය

10. දසපහාතබ්බ සූත්‍රය

’’මහණෙනි, මේ දස ධර්‍මය අත්නොහැර අර්හත්‍වය ප්‍රත්‍යක්‍ෂ කරන්නට නුසුදුසුය.

’’කවර දසයක්ද යත්? රාග, ද්වේෂ, මොහ, ක්‍රොධ, බද්‍ධ වෛර, ගුණමකුකම, උතුමන් තමාට සම කිරීම, ඊර්‍ෂ්‍යාව, මසුරුකම, මාන්නය, යන මේ දස ධර්මය අත්නොහැර අර්හත්‍වය ප්‍රත්‍යක්‍ෂ කරන්නට නුදුසුය.

’’මහණෙනි, මේ දස ධර්මය අත්හැර අර්හත්‍වය ප්‍රත්‍යක්‍ෂ කරන්නට සුදුසුය.

’’කවර දසධර්මයක්ද යත්? රාගය, ද්වේෂය, මොහය, ක්‍රොධය, බද්‍ධ වෛරය, ගුණමකුගතිය, උතුමන් තමහට සම කර සිතීම, ඊර්‍ෂ්‍යාව, මසුරුකම, මාන්නය, යන මේ දහය අත්හැර අර්හත්‍වය ප්‍රත්‍යක්‍ෂ කරන්නට සුදුසුය.’’

දස වැනි උපාසක වර්‍ගය නිමි.

දුතිය පණ්ණාසකය නිමි.