අඞ්ගුත්තරනිකායො
දසම නිපාතය
3. තතිය පණ්ණාසකය
(15) 5. අරිය වර්‍ගය
2. කණ්හසුක්ක මග්ග සූත්‍රය
’’මහණෙනි, තොපට සුදුවූ කුසල් මගද, කළුවූ අකුසල් මගද දෙසන්නෙමි. (එය හොඳට අසවු, මෙනෙහි කරව්.) මහණෙනි, කළුවූ අකුසල් මග කවරේද? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්‍රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, මෙය කළුවූ අකුසල් මගයයි කියනු ලැබේ.
’’මහණෙනි, සුදුවූ කුසල් මග කවරේද? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මෙය සුදුවූ කුසල් මගයයි කියනු ලැබේ.’’