අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

3. තතිය පණ්ණාසකය

(15) 5. අරිය වර්‍ගය

7. භාවෙතබ්බ සූත්‍රය

’’මහණෙනි, තොපට වැඩිය යුතු වූද, නොවැඩිය යුතු වූද ධර්මයද දෙසන්නෙමි. (එය හොඳට අසවු, මෙනෙහි කරව්.) මහණෙනි, නොවැඩිය යුතු ධර්මය කෙසේද? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්‍රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, මෙය නොවැඩිය යුතු ධර්මයයි කියනු ලැබේ. මහණෙනි, වැඩිය යුතු ධර්මය කෙසේද? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මෙය වැඩිය යුතු ධර්මයයි කියනු ලැබේ.’’