අඞ්ගුත්තරනිකායො
දසම නිපාතය
1. පඨම පණ්ණාසකය
4. උපාලි වර්‍ගය
6. සාමණෙරුපඨාන සූත්‍රය
’’ස්වාමීනි, කවර ධර්මයන්ගෙන් යුත් මහණහු විසින් සාමණේරයන් ලවා උපස්ථාන කරවා ගත යුතුද?’’ ’’උපාලිය, දස ධර්මයන්ගෙන් යුක්තවූ මහණහු විසින් සාමණේරයන් ලවා උපස්ථාන කරවා ගත යුතුය. කවර දසයකින්ද යත්?
’’උපාලිය, මේ ශාසනයෙහි මහණතෙම සිල්වත් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් සංවරව වාසය කරයිද, පිළිපැදීමෙන් හා අරමුණෙන් යුක්තද, ස්වල්පමාත්‍ර වරදෙහි බිය දක්නා සුළු වේද, ශික්‍ෂාපදයන් සමාදන්ව හික්මෙයිද, ඇසූ දේ දරණ, ඇසූ දේ රැස්කරණ බහුශ්‍රුතයෙක් වේද, යම් ඒ ධර්ම කෙනෙක් මුල යහපත්ද, මැද යහපත්ද, කෙළවර යහපත්ද, අන්‍ර්‍ථ සහිතද, ව්‍යඤ්ජන සහිතද, හාත්පසින් සම්පූර්‍ණද, පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙත්ද, එබඳු ධර්මයෝ ඔහු විසින් බොහෝ අසක ලද්දාහු වෙත්ද, දරණ ලද්දාහු වෙත්ද, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු වෙත්ද, සිතින් බලන ලද්දාහු වෙත්ද, දෘෂ්ටියෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්ද, ඔහු විසින් ප්‍රාතිමොක්‍ෂය මනාකොට විස්තර වශයෙන් බෙදන ලද්දාහු වෙත්ද, පවත්වන ලද්දාහු වෙත්ද, විනිශ්චය කරණ ලද්ාහු වෙත්ද, සූත්‍ර වශයෙන්, අනු ව්‍යඤ්ජන වශයෙන්, කට පාඩම් කළාහු වෙත්ද, ගිලනාට උපස්ථාන කරන්නාට හෝ උපස්ථාන කරවන්නට දක්‍ෂ වේ. නොඇල්ම සංසිඳුවන්නට හෝ, සංසිඳුවන්නට හෝ දක්‍ෂ වේ. උපන් කුකුස ධර්මයෙන් දුරු කරන්නට දක්‍ෂ වේ. උපන් දෘෂ්ටීන් ධර්මයෙන් විවේචනය කරන්නට දක්‍ෂ වේ. උපන් ශීලය සමාදන් කරවන්නට දක්‍ෂ වේ. ශ්‍රෙෂ්ඨ චිත්තයෙහි සමාදන් කරවන්නට දක්‍ෂ වේ. ශ්‍රෙෂ්ඨ ප්‍රඥාවෙහි සමාදන් කරවන්නට දක්‍ෂ වේ. උපාලිය, මේ දස ධර්මයෙන් යුක්තවූ මහණහු විසින් සාමණෙරයන් ලවා උපස්ථාන කරවා ගත යුතුය.’’