අඞ්ගුත්තරනිකායො
දසම නිපාතය
2. දුතිය පණ්ණාසකය
(7) 2. යමක වර්ගය
9. දසකථාවත්ථු සූත්‍රය
එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල අනේපිඬු මහ සිටානන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි බොහෝ භික්ෂූහු පසුබත පිණ්ඩපාතයෙන් වැළැක්කාහු, උපස්ථාන ශාලාවෙහි හුන්නාහු, රැස්වූවාහු, නන්වැදෑරුම් තිරිසන් කථාවෙන් යෙදී වාසය කරත්. ඒ කෙසේද, රජුන් පිළිබඳ කථා, සොරුන් පිළිබඳ කථා, මහාමාත්‍යයන් පිළිබඳ කථා, සේනාවන් පිළිබඳ කථා, බියවීම පිළිබඳ කථා, යුද්ධ පිළිබඳ කථා, ආහාර පිළිබඳ කථා, පානය පිළිබඳ කථා, වස්ත්‍ර පිළිබඳ කථා, නිදීම පිළිබඳ කථා, මල් පිළිබඳ කථා, ගඳ සුවඳ පිළිබඳ කථා, ඤාතීන් පිළිබඳ කථා, යානා පිළිබඳ කථා, ගම් පිළිබඳ කථා, නියම් ගම් පිළිබඳ කථා, නුවර පිළිබඳ කථා, දනවු පිළිබඳ කථා, ස්ත්‍රීන් පිළිබඳ කථා, සූරකම් පිළිබඳ කථා, මාර්ග පිළිබඳ කථා, වතුර ගෙන යන තැන් පිළිබඳ කථා, පූර්ව ප්‍රෙතයන් පිළිබඳ කථා, නොයෙක් ආකාර ඇති කථා, ලෝකයේ අග මුල ගැන කථා, භවයෙන් භවය පිළිබඳ කථා, යන මෙසේයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි ඵල සමවතින් නැගී සිටි සේක්, උපස්ථාන ශාලාව යම් තැනෙක්හිද, එහි වැඩි සේක. වැඩ, පැනවූ අස්නෙහි වැඩ සිටි සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩ සිට, ’’මහණෙනි, දැන් කවර කථාවකින් යුක්තව සිටියාහුද, තොප විසින් කවර කථාවක් කොට නතර කරණ ලද්දීදැ’’ යි භික්ෂූන් ඇමතූ සේක.
’’ෂ්වාමීනි, මෙහි අපි බතින් පසු පිණ්ඩපාතයෙන් වැළැක්කාහු, උපස්ථාන ශාලාවෙහි හුන්නාහු, රැස්වූවාහු, නානාප්‍රකාර තිරිසන් කථාවෙන් යුක්තවූවාහු වසමු. ඒ කවරේද? රජුන් පිළිබඳ කථා, සොරුන් පිළිබඳ කථා, මහාමාත්‍යයන් පිළිබඳ කථා, සේනාවන් පිළිබඳ කථා, බියවීම පිළිබඳ කථා, යුද්ධ පිළිබඳ කථා, ආහාර පිළිබඳ කථා, පානය පිළිබඳ කථා, වස්ත්‍ර පිළිබඳ කථා, නිදීම පිළිබඳ කථා, මල් පිළිබඳ කථා, ගඳ සුවඳ පිළිබඳ කථා, ඤාතීන් පිළිබඳ කථා, යානා පිළිබඳ කථා, ගම් පිළිබඳ කථා, නියම් ගම් පිළිබඳ කථා, නුවර පිළිබඳ කථා, දනවු පිළිබඳ කථා, ස්ත්‍රීන් පිළිබඳ කථා, සූරකම් පිළිබඳ කථා, මාර්ග පිළිබඳ කථා, වතුර ගෙන යන තැන් පිළිබඳ කථා, පූර්ව ප්‍රෙතයන් පිළිබඳ කථා, නොයෙක් ආකාර ඇති කථා, ලෝකයේ අග මුල ගැන කථා, භවයෙන් භවය පිළිබඳ කථා, යන මෙසේයයි කියායි.
’’මහණෙනි, ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම, අනගාරිය නම් ශාසනයෙහි පැවිදිවූ යම් බඳුවූ තෙපි රජුන් පිළිබඳ කථා, සොරුන් පිළිබඳ කථා, මහාමාත්‍යයන් පිළිබඳ කථා, සේනාවන් පිළිබඳ කථා, බියවීම පිළිබඳ කථා, යුද්ධ පිළිබඳ කථා, ආහාර පිළිබඳ කථා, පානය පිළිබඳ කථා, වස්ත්‍ර පිළිබඳ කථා, නිදීම පිළිබඳ කථා, මල් පිළිබඳ කථා, ගඳ සුවඳ පිළිබඳ කථා, ඤාතීන් පිළිබඳ කථා, යානා පිළිබඳ කථා, ගම් පිළිබඳ කථා, නියම් ගම් පිළිබඳ කථා, නුවර පිළිබඳ කථා, දනවු පිළිබඳ කථා, ස්ත්‍රීන් පිළිබඳ කථා, සූරකම් පිළිබඳ කථා, මාර්ග පිළිබඳ කථා, වතුර ගෙන යන තැන් පිළිබඳ කථා, පූර්ව ප්‍රෙතයන් පිළිබඳ කථා, නොයෙක් ආකාර ඇති කථා, ලෝකයේ අග මුල ගැන කථා, භවයෙන් භවය පිළිබඳ කථා, යන නානාප්‍රකාර කථාවෙන් යුක්තව වාසය කරව්ද, මෙය තොපට නුසුදුසුය.
’’මහණෙනි, මේ කථා වස්තු දසයක් වෙත්. කවර දසයක්ද යත්, ආශා අඩු කථාය, ලද දෙයින් සතුටුවන කථාය, විවේක පිළිබඳ කථාය, නොඇලීම පිළිබඳ කථාය, වීර්‍ය්‍යය පටන් ගැනීම පිළිබඳ කථාය, ශීලය පිළිබඳ කථාය, සිත එකඟ කිරීම පිළිබඳ කථාය, ප්‍රඥාව පිළිබඳ කථාය, කෙලෙසුන්ගෙන් මිදීම පිළිබඳ කථාය, ප්රත්යවෙක්ෂා ඤාණ පිළිබඳ කථාය. මහණෙනි, මේ දස කථා වස්තූහු වෙත්. මහණෙනි, තෙපි මේ දස කථා වස්තු ගනිමින්ම කථා කියව්. මෙසේ මහත් ඎද්ධි ඇති, මහත් ආනුභාව ඇති, මේ චන්ද්‍ර සූර්‍ය්‍යයන්ගේ තම තෙදින් ඒ තෙද යට කරව්. අන්‍ය තීර්ත්ථක ශ්‍රමණ බ්‍රාහ්මණයන් ගැන කියනුම කවරේද?’’