අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

2. දුතිය පණ්ණාසකය

(8) 3. ආකඞ්ඛ වර්‍ගය

8. නිඝණ්ඨාසද්‍ධම්ම සූත්‍රය

’’මහණෙනි, නිඝණ්ඨයෝ මේ අයහපත් ස්වභාව දසයකින් සමන්විත වෙත්.

’’කවර දසයකින්ද යත්? මහණෙනි, නිඝණ්ඨයෝ දුශ්ශීලයහ. මහණෙනි, නිඝණ්ඨයෝ ලජ්ජා නැත්තාහ. මහණෙනි, නිඝණ්ඨයෝ බිය නැත්තාහ. මහණෙනි, නිඝණ්ඨයෝ අසත්පුරුෂයන්ට භක්ති ඇත්තාහ. මහණෙනි, නිඝණ්ඨයෝ තමන් උසස් කරන්නාහ. අනුන් පහත් කරන්නාහ. මහණෙනි, නිඝණ්ඨයෝ තමාගේ දෘෂ්ඨිය අල්ලා ගත්තාහුය. තදින් ගත්තාහ. මහණෙනි, නිඝණ්ඨයෝ නැති ගුණ පෙන්වන්නාහ. මහණෙනි, නිඝණ්ඨයෝ ලාමක බලාපොරොත්තු ඇත්තාහ. මහණෙනි, නිඝණ්ඨයෝ වැරදි හැඟීම් ඇත්තාහුය. මහණෙනි, නිඝණ්ඨයෝ මේ කරුණු දහයෙන් යුක්තවූවාහුය.