අඞ්ගුත්තරනිකායො
දසම නිපාතය
2. දුතිය පණ්ණාසකය
(9) 4. ථෙර වර්‍ගය
5. කත්‍ථිවිකත්‍ථිය සූත්‍රය
එක් කාලයෙක්හි ආයුෂ්මත් මහා චුන්‍ද ස්ථවිරයන් වහන්සේ චෙදී ජනපදයෙහි සහජාති නම් ගම වාසය කරණ සේක. එකල්හි වනාහි ආයුෂ්මත් මහා චුන්‍ද ස්ථවිරයන් වහන්සේ ’’ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම, ’ඉපදීම ක්‍ෂය විය. බඹසර වැස නිමවන ලදී. කළයුත්ත කරණ ලදී. මින් ඉදිරියට අනිකක් නැතැයි දනිමි’ යි රහත්කම ප්‍රකාශ කරති’’ යි කී සේක. ඒ ඔහුට ධ්‍යාන කරණ, සමවැදීමේ දක්‍ෂ, අනුන්ගේ සිත් දැකීමේ දක්‍ෂ, අනුන්ගේ ක්‍රමයෙහි දක්‍ෂ, තථාගතයන් වහන්සේ හෝ, තථාගත ශ්‍රාවකයෙක් හෝ, ප්‍රශ්න කෙරේ, විමසයි, සාකච්ඡා කරයි. හෙතෙම ධ්‍යාන කරණ, සමවැදීමෙහි දක්‍ෂ, අනුන්ගේ සිත් දැනීමේ දක්‍ෂ, අනුන්ගේ සිත් පැවැත්මේ දක්‍ෂ, තථාගතයන් වහන්සේ විසින් හෝ, තථාගත ශ්‍රාවකයන් විසින් හෝ, ප්‍රකාෂ කරණු ලබන්නේ, විමසනු ලබන්නේ, සාකච්ඡා කරණු ලබන්නේ, නිසරුබවට පැමිණේද, හානියට පැමිණේද, අක්‍රමයට පැමිණේද, ව්‍යසනයට පැමිණේද, ඒ මොහු ධ්‍යාන කරණ සුළු, සමවැදීමෙහි දක්‍ෂ, අනුන්ගේ සිත දැනීමේ දක්‍ෂ, අනුන්ගේ සිතේ පැවැත්මේ දක්‍ෂ, තථාගතයන් වහන්සේ හෝ, තථාගත ශ්‍රාවකයෙකු හෝ, මෙසේ සිතින් සිත පතුරුවා මෙනෙහි කෙරෙයි.’’
’’ආයුෂ්මත් මහා චුන්‍ද ස්ථවිරයන් වහන්සේ, ’’ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම ’මම ප්‍රථමධ්‍යානයට සමවදිමියිද, නැගිටිමියිද, මම වීතීයධ්‍යානයට සමවදිමියිද, නැගිටිමියිද, මම තුන්වෙනිධ්‍යානයට සමවදිමියිද, නැගිටිමියිද, මම සතරවෙනිධ්‍යානයට සමවදිමියිද, නැගිටිමියිද, මම ආකාශානඤ්චායතනයට සමවදිමියිද, නැගිටිමියිද, මම විඤ්ඤාණඤ්චායතනයට සමවදිමියිද, නැගිටිමියිද, මම ආකිඤ්චඤ්ඤායතනයට සමවදිමියිද, නැගිටිමියිද, මම ආකිඤ්චඤ්ඤායතනයට සමවදිමියිද, නැගිටිමියිද, මම නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවදිමියිද, නැගිටිමියිද, මම හැඟීම් හා විඳීම් නැති කිරීමේ සමවතට සමවදිමියිද, නැගිටිමියිද, අධිගමයන් කෙරෙහි තමා උසස්කොට කියාද, විශෙෂයෙන් උසස්කොට කියයිද, ඔහුට ධ්‍යානයන්ට සමවැදීමෙහි දක්‍ෂ, අනුන්ගේ සිත් දැනීමේ දක්‍ෂ, අනුන්ගේ සිතේ පැවැත්ම දැනීමෙහි දක්‍ෂ, තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙක් හෝ, ප්‍රශ්න කෙරෙහි විමසයි, සාකච්ඡා කරයි.
’’ධ්‍යාන කරණ, සමවැදීමට දක්‍ෂ, අනුන්ගේ සිත් දැනීමෙහි දක්‍ෂ, අනුන්ගේ සිත්හි පැවැත්මෙහි දක්‍ෂ, තථාගතයන් වහන්සේ විසින් හෝ තථාගත ශ්‍රාවකයන් විසින් ප්‍රශ්න කරණු ලබන්නේ, විමසනු ලබන්නේ, කථා කරණු ලබන්නේ නිසරු බවට පැමිණේද, හානියට පැමිණේද, අක්‍රමයට පැමිණේද, විපත්තියට පැමිණේද, ඒ මොහු ’මම ප්‍රථමධ්‍යානයට සමවදිමියිද, නැගිටිමියිද, මම වීතීයධ්‍යානයට සමවදිමියිද, නැගිටිමියිද, මම තුන්වෙනිධ්‍යානයට සමවදිමියිද, නැගිටිමියිද, මම සතරවෙනිධ්‍යානයට සමවදිමියිද, නැගිටිමියිද, මම ආකාශානඤ්චායතනයට සමවදිමියිද, නැගිටිමියිද, මම විඤ්ඤාණඤ්චායතනයට සමවදිමියිද, නැගිටිමියිද, මම ආකිඤ්චඤ්ඤායතනයට සමවදිමියිද, නැගිටිමියිද, මම ආකිඤ්චඤ්ඤායතනයට සමවදිමියිද, නැගිටිමියිද, මම නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවදිමියිද, නැගිටිමියිද, මම හැඟීම් හා විඳීම් නැති කිරීමේ සමවතට සමවදිමියිද, නැගිටිමියිද, ධ්‍යාන කරණ සුළු තථාගතයන් වහන්සේ හෝ, තථාගත ශ්‍රාවකයෙක් හෝ, මෙසේ සිතින් සිත පතුරුවා දැන මෙනෙහි කරයි. කිමෙක්ද මේ ආයුෂ්මත් තෙමේ ’මම ප්‍රථමධ්‍යානයට සමවදිමියිද, නැගිටිමියිද, මම වීතීයධ්‍යානයට සමවදිමියිද, නැගිටිමියිද, මම තුන්වෙනිධ්‍යානයට සමවදිමියිද, නැගිටිමියිද, මම සතරවෙනිධ්‍යානයට සමවදිමියිද, නැගිටිමියිද, මම ආකාශානඤ්චායතනයට සමවදිමියිද, නැගිටිමියිද, මම විඤ්ඤාණඤ්චායතනයට සමවදිමියිද, නැගිටිමියිද, මම ආකිඤ්චඤ්ඤායතනයට සමවදිමියිද, නැගිටිමියිද, මම ආකිඤ්චඤ්ඤායතනයට සමවදිමියිද, නැගිටිමියිද, මම නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවදිමියිද, නැගිටිමියිද, මම හැඟීම් හා විඳීම් නැති කිරීමේ සමවතට සමවදිමියිද, නැගිටිමියිද, කියා අධිගමයන්හි තමා උසස් කර කියයිද, ඒ ඔහු, ’මම ප්‍රථමධ්‍යානයට සමවදිමියිද, නැගිටිමියිද, මම වීතීයධ්‍යානයට සමවදිමියිද, නැගිටිමියිද, මම තුන්වෙනිධ්‍යානයට සමවදිමියිද, නැගිටිමියිද, මම සතරවෙනිධ්‍යානයට සමවදිමියිද, නැගිටිමියිද, මම ආකාශානඤ්චායතනයට සමවදිමියිද, නැගිටිමියිද, මම විඤ්ඤාණඤ්චායතනයට සමවදිමියිද, නැගිටිමියිද, මම ආකිඤ්චඤ්ඤායතනයට සමවදිමියිද, නැගිටිමියිද, මම ආකිඤ්චඤ්ඤායතනයට සමවදිමියිද, නැගිටිමියිද, මම නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවදිමියිද, නැගිටිමියිද, මම හැඟීම් හා විඳීම් නැති කිරීමේ සමවතට සමවදිමියිද, තථාගතයන් හෝ තථාගත ශ්‍රාවකයෙක් හෝ මෙසේ සිතින් සිත පතුරුවා දනී.
’’මේ ආයුෂ්මත් තෙම බොහෝ කාලයක් ශීලයන්හි බිඳීම කරන්නේය. සිදුරු කරන්නේය. පුල්ලි තබන්නේය. කිලුටු කරන්නේය. නිතර නොරක්නේය. නිතර පැවැත්මක් නැත. මේ ආයුෂ්මත් තෙමේ දුශ්ශීලය. දුසිල් බව වනාහි තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්‍ම විනයෙහි ලා පිරිහීමකි.’’
’’මේ ආයුෂ්මත් තෙම අශ්‍රද්‍ධාවත්ය. අශ්‍රද්‍ධා බව වනාහි තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්‍ම විනයෙහි ලා පිරිහීමකි.’’
’’මේ ආයුෂ්මත් තෙම බොහෝ ඇසූ පිරූ තැන් නැත්තේය. ඇසූ පිරූ තැන්නැති බව වනාහි තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්‍ම විනයෙහි ලා පිරිහීමකි.’’
’’මේ ආයුෂ්මත් තෙම අචාරශීලී නොවේ. ආචාරශීලී නොවීම වනාහි තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්‍ම විනයෙහි ලා පිරිහීමකි.’’
’’මේ ආයුෂ්මත් තෙම අකීකරුය. අකීකරුකම වනාහි තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්‍ම විනයෙහි ලා පිරිහීමකි.’’
’’මේ ආයුෂ්මත් තෙම ලාමක මිත්‍රයන් ඇත. ලාමක මිත්‍රයන් ඇති බව වනාහි තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්‍ම විනයෙහි ලා පිරිහීමකි.’’
’’මේ ආයුෂ්මත් තෙම කුශීතය. කුශීතකම වනාහි තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්‍ම විනයෙහි ලා පිරිහීමකි.’’
’’මේ ආයුෂ්මත් තෙම සිහි මුළා ය. සිහි මුළාව වනාහි තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්‍ම විනයෙහි ලා පිරිහීමකි.’’
’’මේ ආයුෂ්මත් තෙම නැති ගුණ පෙන්වයි. නැති ගුණ පෙන්වීම වනාහි තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්‍ම විනයෙහි ලා පිරිහීමකි.’’
’’මේ ආයුෂ්මත් තෙම වැරදි පොෂණ ඇත. වැරදි පෝෂණ ඇති බව වනාහි තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්‍ම විනයෙහි ලා පිරිහීමකි.’’
’’මේ ආයුෂ්මත් තෙම නුවණ නැත්තේය. නුවණ නැති බව වනාහි තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ධර්‍ම විනයෙහි ලා පිරිහීමකි.’’
’’ඇවැත්නි, යම් සේ යහළුවෙක් යහළුවාට, ’යහළුව, යම් කලෙක තොපට ධනයෙන් කටයුතු වැඩක් වන්නේ නම් මගෙන් ධනය ඉල්වන්නෙහිය, ඔබට ධනය දෙන්නෙමි.’ මෙසේ කියන්නේය. ධනයෙන් කටයුතු යමක් පැමිණි කල්හි යහළුතෙම යහළුවාට, ’යහළුව මට ධනයෙන් වැඩ ඇත්තේය. මට ධනය දෙව’ යි මෙසේ කියන්නේය. හෙතෙම, ’එසේ නම් මෙහි හාරව’ යි කියන්නේය.
හෙතෙම එහි කණින්නේ, නොලබන්නේ නම් හෙතෙම යහළුවාට, ’මෙහි කණවයි මට බොරුවක් කීයේය. යහළුව මට හිස් දෙයක් කීවේය’ යි කියන්නේය. හෙතෙම, ’යහළුව, මම බොරුවක් නොකියමි. හිස් දෙයක් නොකීමි. යහළුව, එසේනම් මෙහි හාරව’ යි මෙසේ කියන්නේය. හෙතෙම එහිද කණින්නේ නොලබන්නේ නම් හෙතෙම, ’යහළුව, මට බොරුවක් කීයෙහිය. යහළුව, මට මෙහි කණවයි බොරුවක් කීයෙහිය. හිස් දෙයක් කීයෙහිය’ යි මෙසේ කියන්නේය. හෙතෙම, ’යහළුව, මම බොරුවක් නොකීමි. හිස්වූවක් නොකීමි. යහළුව, එසේ නම් මෙහි හාරව’ යි මෙසේ කියන්නේය. හෙතෙම එහිද කණින්නේ, නොලබන්නේ නම්, ’යහළුව, මෙහි හාරවයි මට බොරුවක් කීයෙහිය. හිස් දෙයක් කීයෙහිය’ යි මෙසේ කියන්නේය. හෙතෙම, ’යහළුව, මම බොරුවක් නොකීමි. හිස්වූවක් නොකීමි. එතකුදු වුවත් මම පිස්සුවට, සිතේ විපර්‍ය්‍යාසයට පැමිණියෙමි’ යි මෙසේ කියන්නේය.
’’මහණෙනි, එසේම මහණතෙම, ’මම ප්‍රථමධ්‍යානයට සමවදිමි, නැගිටිමි, මම වීතීයධ්‍යානයට සමවදිමි, නැගිටිමි, මම තුන්වෙනිධ්‍යානයට සමවදිමි, නැගිටිමි, මම සතරවෙනිධ්‍යානයට සමවදිමි, නැගිටිමි, මම ආකාශානඤ්චායතනයට සමවදිමි, නැගිටිමි, මම විඤ්ඤාණඤ්චායතනයට සමවදිමි, නැගිටිමි, මම ආකිඤ්චඤ්ඤායතනයට සමවදිමි, නැගිටිමි, මම ආකිඤ්චඤ්ඤායතනයට සමවදිමි, නැගිටිමි, මම නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවදිමි, නැගිටිමි, මම හැඟීම් හා විඳීම් නැති කිරීමේ සමවතට සමවදිමි, නැගිටිමි,’ යි අධිගමයෙන් තමා උසස් කර, විශේෂයෙන් උසස් කර කියයිද, ඔහුට ධ්‍යාන ඇති, සමවැදීමෙහි දක්‍ෂ, අනුන්ගේ සිත් දැනීමෙහි දක්‍ෂ, අනුන්ගේ සිත්හි පැවැත්මෙහි දක්‍ෂ, තථාගතයන් වහන්සේ හෝ, තථාගත ශ්‍රාවකයෙක් හෝ, ප්‍රශ්ණ කරනු ලබන්නේ, කථා කරණු ලබන්නේ, විමසනු ලබන්නේ නිසරු බවට පැමිණේද, හානියට පැමිණේද, අක්‍රමයට පැමිනේද, විපත්තියකට පැමිණේද, ඒ ඔහු ධ්‍යාන කරණ, සම වැදීමෙහි දක්‍ෂ, අනුන් සිත දැනීමෙහි දක්‍ෂ, අනුන් සිතෙහි පැවැත්ම දක්නා තථාගතයන් වහන්සේ හෝ, තථාගත ශ්‍රාවකයෙක් හෝ, සිතින් සිත පතුරුවා දැන මෙනෙහි කරයි.
’’කිමෙක්ද? මේ ආයුෂ්මත් තෙමේ, ’මම ප්‍රථමධ්‍යානයට සමවදිමි, නැගිටිමි, මම වීතීයධ්‍යානයට සමවදිමි, නැගිටිමි, මම තුන්වෙනිධ්‍යානයට සමවදිමි, නැගිටිමි, මම සතරවෙනිධ්‍යානයට සමවදිමි, නැගිටිමි, මම ආකාශානඤ්චායතනයට සමවදිමි, නැගිටිමි, මම විඤ්ඤාණඤ්චායතනයට සමවදිමි, නැගිටිමි, මම ආකිඤ්චඤ්ඤායතනයට සමවදිමි, නැගිටිමි, මම ආකිඤ්චඤ්ඤායතනයට සමවදිමි, නැගිටිමි, මම නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවදිමි, නැගිටිමි, මම හැඟීම් හා විඳීම් නැති කිරීමේ සමවතට සමවදිමි, නැගිටිමි,’
’’ඇවැත්ති, ඒකාන්තයෙන් ඒ මහණ මේ ධර්ම දහය පහ නොකර, මේ ධර්ම විනයෙහි වෘද්‍ධියට, වැඩීමට, විපුලත්‍වයට පැමිණේයයි යන මේ කාරණය විද්‍යමාන නොවේ. ඇවැත්නි, ඒකාන්තයෙන් මහණතෙම මේ ධර්ම දහය අත්හැර, මේ ධර්ම විනයෙහි අභිවෘද්‍ධියට, වැඩීමට, විපුලත්‍වයට පැමිණෙන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ.’’