අංගුත්තර නිකාය
එක නිපාතය
12. ආපායික වර්ගය
114. දුල්ලභ පාතුභාව සූත්‍රය
“මහණෙනි, ලොකයෙහි තිදෙනෙකුන්ගේ පහලවීම දුර්ලභ වන්නේය. කවර තිදෙනෙකුන්ගේද යත්?
“මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන්ගේ පහළවීම ලොකයෙහි දුර්ලභය. තථාගතයන් විසින් අවබොධ කරනලද ධර්ම විනය දෙශනාකරන පුද්ගල තෙමේ ලොකයෙහි දුර්ලභය. කළගුණ දන්නාවූ කළගුණ සලකන්නාවූ පුද්ගල තෙමේ ලොකයෙහි දුර්ලභය. මහණෙනි, ලොකයෙහි මේ පුද්ගලයන් තිදෙනාගේ පහළවීම දුර්ලභය.”