අංගුත්තර නිකාය

එක නිපාතය

2. රථකාර වර්ගය

17. ව්‍යාබාධ සංවත්තන සූත්‍රය

“මහණෙනි, මේ ධර්මයෝ තුන්දෙනෙක් තමහට දුක් පිණිසද පවතිත්. අනුන්හට දුක් පිණිසද පවතිත්. තමන් අනුන් යන දෙදෙනාටම දුක් පිණිසද පවතිත්. කවර තුන්දෙනෙක්ද යත්, කාය දුශ්චරිතය, වාක් දුශ්චරිතය, මනො දුශ්චරිතය යන මොහුයි මහණෙනි, මේ ධර්මයෝ තුන්දෙන තමාට දුක් පිණිසද අනුන්ට දුක් පිණිසද දෙදෙනාටම දුක් පිණිසද පවතිත්.

“මහණෙනි, මේ ධර්මයෝ තිදෙනෙක් තමන්ට දුක් නොපිණිසද අනුන්ට දුක් නොපිණිසද දෙදෙනාටම දුක් නොපිණිසද පවත්නාහුය. කවර තුනක්ද? කාය සුචරිතයද වාක් සුචරිතයද මනො සුචරිතයද වෙත්. මහණෙනි, මේ ධර්මයෝ තිදෙන තමන් දුක් නොපිණිසද, අනුන්ට දුක් නොපිණිසද, දෙදෙනාට දුක් නොපිණිසද පවතිත්.”