අංගුත්තර නිකාය

එක නිපාතය

1. බාල වර්ගය

6. අකුශල කම්ම සූත්‍රය

“අකුශල කායකර්මයෙන්ද අකුශල වාක්කර්මයෙන්ද අකුශල මනොකර්මයෙන්ද වෙයි. මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් පුද්ගලයා බාලයායයි දතයුතුය.

“මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා පණ්ඩිතයායයි දතයුතුය. කවර තුනකින්ද? කුශල කාය කර්මයෙන්ද කුශල වාක්කර්මයෙන්ද කුශල මනොකර්මයෙන්ද වෙයි. මහණෙනි, මේ ධර්ම තුනෙන් යුත් පුද්ගලයා පණ්ඩිතයායි දතයුතුය.