අංගුත්තර නිකාය

එක නිපාතය

1. බාල වර්ගය

7. සාවජ්ජ කම්ම සූත්‍රය

“වරද සහිත කාය කර්මයෙන්ද, වරද සහිත වාක්කර්මයෙන්ද වරද සහිත මනො කර්මයෙන්ද වෙයි. මහණෙනි, මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා බාලයායයි දතයුතුය.

“මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා පණ්ඩිතයායයි දතයුතුය. කවර තුනකින්ද නිරවද්‍ය කායකර්මයෙන්ද නිරවද්‍ය වාක්කර්මයෙන්ද නිරවද්‍ය මනොකර්මයෙන්ද වෙයි. මහණෙනි, මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා පණ්ඩිතයායයි දතයුතුය.