අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

3. තුන්වෙනි පණ්ණාසකය

(15) 5. ආභා වර්‍ගය

10. චතුසාර සූත්‍රය

’’මහණෙනි, මේ සාර සතරක් වෙත්. කවර සතරක්ද යත්. සීලසාරය, සමාධිසාරය, ප්‍රඥාසාරය, විමුක්තිසාරය. මහණෙනි, මේ සතර සාරයෝය.’’

පසලොස්වෙනි ආභා වර්‍ගය නිමි.

තතියපණ්ණාසකං සමත්තං.