අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
5. පඤ්චම පණ්ණාසකය
(24) 4. කම්ම වර්‍ගය
8. සබ්‍යාපජ්ඣ කම්ම සූත්‍රය
’’මහණෙනි, ධර්ම සතරකින් යුක්තවූයේ, ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නිරයෙහි වේ.
’’කවර සතරකින්ද යත්, වරද සහිත කාය කර්‍මයෙන්ද, වරද සහිත වාක් කර්‍මයෙන්ද, වරද සහිත මනො කර්‍මයෙන්ද, වරද සහිත දාෂ්ටියෙන්ද,
’’මහණෙනි, ධර්ම සතරකින් යුක්තවූයේ, ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නිරයෙහි වේ.
’’මහණෙනි, ධර්ම සතරකින් යුක්තවූයේ, ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.
’’කවර සතරකින්ද යත්, නිවරද කාය කර්‍මයෙන්ද, නිවරද වාක් කර්‍මයෙන්ද, නිවරද මනො කර්‍මයෙන්ද, නිවරද දාෂ්ටියෙන්ද යන,
’’මහණෙනි, ධර්ම සතරකින් යුක්තවූයේ, ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.