අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
5. පඤ්චම පණ්ණාසකය
(26) 6. අභිඤ්ඤා වර්‍ගය
10. සාවජ්ජ කම්ම සූත්‍රය
’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ අව්‍යක්ත, අසත්පුරුෂ, බාල තෙමේ, සාරා දමන ලද ගුණ ඇති, නසන ලද ගුණ ඇති, තමා පරිහරණය කරයි. වරද සහිතද වේ. නුවණැත්තන් විසින් උපවාද කරන්නේද වේ. බොහෝ අකුසල්ද රැස් කරයි.
’’කවර සතරකින්ද යත්. වරද සහිත කාය කර්මයෙන්ද, වරද සහිත වාක් කර්මයෙන්ද, වරද සහිත මනො කර්මයෙන්ද, වරද සහිත දෘෂ්ටියෙන්ද,
’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ අව්‍යක්ත, අසත්පුරුෂ, බාල තෙමේ, සාරා දමන ලද ගුණ ඇති, නසන ලද ගුණ ඇති, තමා පරිහරණය කරයි. වරද සහිතද වේ. නුවණැත්තන් විසින් උපවාද කරන්නේද වේ. බොහෝ අකුසල්ද රැස් කරයි.
’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ, ව්‍යක්ත, සත්පුරුෂ පණ්ඩිත තෙම සාරා නොදමන ලද ගුණ ඇති නොනසන ලද ගුණ ඇති, තමා පරිහරණය කරයි. වරද රහිතද වේ. නුවණැත්තන් විසින් උපවාද නොකරන්නේද වේ. බොහෝ කුසල්ද රැස් කරයි.
’’කවර සතරකින්ද යත්. වරද රහිත කාය කර්මයෙන්ද, වරද රහිත වාක් කර්මයෙන්ද, වරද රහිත මනො කර්මයෙන්ද, වරද රහිත දෘෂ්ටියෙන්ද, යන මේ කරුණු සතරකින් යුක්තවූ, ව්‍යක්ත, සත්පුරුෂ පණ්ඩිත තෙම සාරා නොදමන ලද ගුණ ඇති නොනසන ලද ගුණ ඇති, තමා පරිහරණය කරයි. වරද රහිතද වේ. නුවණැත්තන් විසින් උපවාද නොකරන්නේද වේ. බොහෝ කුසල්ද රැස් කරයි.
විසි හය වෙනි අභිඥා වර්‍ගය නිමි.