අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
5. පඤ්චම පණ්ණාසකය
(27) 7. කම්මපථ වර්‍ගය
2. අදින්නාදාන දුගති සුගති සූත්‍රය
’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ.
’’කවර සතරකින්ද යත්. තමන්ද නුදුන් දෙය ගන්නේ වේද, අනුන්ද නුදුන් දේ ගැනීමෙහි සමාදන් කරවයිද, නුදුන් දේ ගැනීමෙහි අනුදන්නේ වේද, නුදුන් දේ ගැනීමෙහි ගුණ කියයිද,
’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ.
’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.
’’තමන්ද නුදුන් දේ ගැනීමෙන් වෙන්වූයේ වේද, අනුන්ද නුදුන් දේ ගැනීමෙන් වෙන්වීමට බණ කියයිද, නුදුන් දේ ගැනීමෙන් වෙන්වීමට අනුදන්නේ වේද, නුදුන් දේ ගැනීමෙන් වෙන්වීමෙහි ගුණ කියයිද,
’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.