අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

5. පඤ්චම පණ්ණාසකය

(27) 7. කම්මපථ වර්‍ගය

3. කාමවිච්ඡාචාර සුගති දුග්ගති සූත්‍රය

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ.

’’කාමමිච්ඡාචාරී වේද, අනුන්ද කාම මිච්ඡාචාරයෙහි සමාදන් කරවයිද, කාම මිච්ඡාචාරයෙහි අනුදන්නේ වේද, කාම මිච්ඡාචාරයෙහි ගුණ කියයිද,

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ.

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.

’’තමන්ද කාම මිච්ඡාචාරයෙන් වෙන්වූයේ වේද, අනුන්ද කාම මිච්ඡාචාරයෙන් වෙන්වීමෙහි සමාදන් කරවයිද, කාම මිච්ඡාචාරයෙන් වෙන්වීමෙහි අනුදන්නේ වේද, කාම මිච්ඡාචාරයෙන් වෙන්වීමෙහි ගුණ කියයිද,’’

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.