අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

5. පඤ්චම පණ්ණාසකය

(27) 7. කම්මපථ වර්‍ගය

7. සම්ඵප්පලාප සුගති දුග්ගති සූත්‍රය

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ.

’’ප්‍රලාප දොඩන්නේ වේද, අනුන් ප්‍රලාප දෙඩවීමෙහි සමාදන් කරවයිද, ප්‍රලාප දෙඩවීමෙහි අනුදන්නේ වේද, ප්‍රලාප දෙඩවීමෙහි ගුණ කියයිද,

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ.

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.

’’තමන්ද ප්‍රලාප දෙඩවීමෙන් වෙන්වූයේ වේද, අනුන්ද ප්‍රලාප දෙඩවීමෙන් වෙන්වීමෙහි සමාදන් කරවයිද, ප්‍රලාප දෙඩවීමෙන් වෙන්වීමෙහි අනුදන්නේ වේද, ප්‍රලාප දෙඩවීමෙන් වෙන්වීමෙහි ගුණ කියයිද,

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.