අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
5. පඤ්චම පණ්ණාසකය
(28) 8. රාග පෙය්‍යාල වර්‍ගය
1. සතිපට්ඨාන රාග අභිඤ්ඤා සූත්‍රය
’’මහණෙනි, රාගය විශිෂ්ට ඥානයෙන් දැනීමට කරුණු සතරක් වැඩිය යුතුය.
’’කවර සතරක්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, පඤ්චස්ඛන්‍ධ ලෝකයෙහි තෘෂ්ණා, ක්‍රොධ දෙක සංසිඳුවා, ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරයි.
’’මහණෙනි, රාගය විශිෂ්ට ඥානයෙන් දැනීමට කරුණු සතරක් වැඩිය යුතුය.
’’වේදනාවන්හි වේදනාවන් අනුව බලමින් වාසය කරයි.
’’මහණෙනි, රාගය විශිෂ්ට ඥානයෙන් දැනීමට කරුණු සතරක් වැඩිය යුතුය.
’’සිතෙහි සිත අනුව බලමින් වාසය කරයි.
’’මහණෙනි, රාගය විශිෂ්ට ඥානයෙන් දැනීමට කරුණු සතරක් වැඩිය යුතුය.
’’ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වාසය කරයි.