අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

2. දුතිය පණ්ණාසකය

(7) 2. පත්ත කම්ම වර්‍ගය

6. බන්‍ධන වඩ්ඪන සූත්‍රය

’’මහණෙනි, ලොකයෙහි මේ පුද්ගලයන් සතරදෙනෙක් විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්, රාග සහිත, ද්වේෂ සහිත, මොහ සහිත, මාන සහිත පුද්ගලයෝය. මහණෙනි, මේ පුද්ගලයන් සතරදෙන ලොකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.

’’ඇලුම් කටයුතු දෙයෙහි ඇළුණු, ප්‍රිය රූපයන්ට තුටුවන, මොහයෙන් බැඳුනු අධර්‍ම සත්ත්‍වයෝ බැම්ම වඩත්.’’ ’’අඥාන සත්ත්‍වයෝ රාගයෙන් හටගන්නාවූද, ද්වේෂයෙන් හටගන්නාවූද, මොහයෙන් හටගන්නාවූද, දුක් සහිත මත්තෙහිද දුක් ගෙන දෙන අකුශල කර්ම කරත්.’’

’’අන්‍ධවූ, ප්‍රඥා චක්‍ෂුස රහිත අවිද්‍යාවෙන් වැසුණු පුරුෂයෝ රාගාදී ධර්මයන්හි සිටියාහු එබඳු සත්ත්‍වයෝයයි නොහඟිත්.’’