අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

3. තුන්වන පණ්ණාසකය

(12) 2. අන්‍ධකවින්‍ද වර්‍ගය

9. මිච්ඡා වාචා සූත්‍රය

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂුණී තොමෝ ගෙනෙන ලද බරක් බහා තබන ලද්දී යම්සේද, එමෙන් නරකයෙහි උපදී.

’’කවර පසකින්ද යත්? නොදැන නොසොයා අගුණ කිය යුත්තහුගේ ගුණ කියාද, නොදැන නොසොයා ගුණ කිය යුත්තහුගේ අගුණ කියාද, මිත්‍යා වචන ඇත්තීද, මිත්‍යා කර්‍මාන්ත ඇත්තීත් වේද, ශ්‍රද්‍ධාවෙන් දුන් දෙය අගය හෙළාද, යන පසිනි.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂුණී තොමෝ ගෙනෙන ලද බරක් බහා තබන ලද්දී යම්සේද, එමෙන් නරකයෙහි උපදී.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂුණී තොමෝ ගෙනෙන ලද බරක් බහා තබන ලද්දී යම්සේද, එමෙන් ස්වර්‍ගයෙහි උපදී.

’’කවර පසකින්ද යත්? දැන සොයා අගුණ කිය යුත්තහුගේ අගුණ කියාද, දැන සොයා ගුණ කිය යුත්තහුගේ ගුණ කියාද, සම්‍යක් වචන ඇත්තීද, සම්‍යක් කර්‍මාන්ත ඇත්තීත් වේද, ශ්‍රද්‍ධාවෙන් දුන් දෙය අගය නොහෙළාද, යන පසිනි.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂුණී තොමෝ ගෙනෙන ලද බරක් බහා තබන ලද්දී යම්සේද, එමෙන් ස්වර්‍ගයෙහි උපදී.