අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

1. පඨම පණ්ණාසකය

2. බාල වර්‍ගය

5. දට්ඨබ්බ බල සූත්‍රය

’’මහණෙනි, මේ බල පසක් වෙත්. කවර පසක්ද යත්? ශ්‍රද්‍ධා බලය, වීර්‍ය්‍ය බලය, ස්මෘති බලය, සමාධි බලය, ප්‍රඥා බලය යන පසයි.

’’මහණෙනි, ශ්‍රද්‍ධා බලය නම් කොතැන්හි දත යුතුද? සිව් වැදෑරුම් සෝවාන් මාර්‍ගාඞ්ගයන්හි මෙහි ශ්‍රද්‍ධා බලය දත යුතුයි. මහණෙනි, වීර්‍ය්‍ය බලය නම් කොතැන්හි දත යුතුද? සතර සම්‍යක් ප්‍රධානයන්හි මෙහි කී වීර්‍ය්‍ය බලය දත යුතුයි. මහණෙනි, ස්මෘති බලය කොතැන්හි දත යුතුද? සතර සතිපට්ඨානයන්හි මෙහි ස්මෘති බලය දත යුතුයි. මහණෙනි, කොතැන්හි සමාධි බලය දත යුතුද? සතර ධ්‍යානයන්හි මෙහි කී සමාධි බලය දත යුතුයි. මහණෙනි, කොතැන්හි ප්‍රඥා බලය දත යුතුද? චතුරාර්‍ය්‍ය සත්‍යයන්හි මෙහි කී ප්‍රඥා බලය දත යුතුයි.

’’මහණෙනි, මොහු වනාහි බල පස වෙත්ය’’ යි වදාළ සේක.