අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

1. පඨම පණ්ණාසකය

2. බාල වර්‍ගය

6. අග්ගබල සූත්‍රය

’’මහණෙනි, මේ බල පසක් වෙත්. කවර පසක්ද යත්? ශ්‍රද්‍ධා බලය, වීර්‍ය්‍ය බලය, ස්මෘති බලය, සමාධි බලය, ප්‍රඥා බලය යන පසයි.

’’මහණෙනි, මේ ශෛක්‍ෂ බල පස අතුරෙන් යම් මේ ප්‍රඥා බලයක් වේද, මෙය උතුම් වේ. මෙය සංග්‍රහ කිරීම ඇත්තක් වේ. මෙය ගැලපීම ඇත්තක් වේ.

’’මහණෙනි, යම්සේ කුළුගෙයක යම් මේ කූටයක් හෙවත් මුදුනක් වේද, මෙය උතුම් වේද, මෙය සංග්‍රහ කිරීම ඇත්තක් වේද, මෙය ගැලපීම ඇත්තක් වේද,

’’මහණෙනි, මෙපරිද්දෙන්ම මහණෙනි, මේ ශෛක්‍ෂ බල පස අතුරෙන් යම් මේ ප්‍රඥා බලයක් වේද, මෙය උතුම් වේ. මෙය සංග්‍රහ කිරීම ඇත්තක් වේ. මෙය ගැලපීම ඇත්තක් වේ.