අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
4. සතරවැනි පණ්ණාසකය
(16) 1. සද්‍ධම්ම වර්‍ගය
2. දුප්පඤ්ඤ සූත්‍රය
’’මහණෙනි, කරුණු පසකින් යුක්තව සද්ධර්මය අසන්නේද, කුශල ධර්මයන්හි සම්පූර්‍ණ කරණ ලද මාර්ග නියමයන්ට බැසගන්ට නුසුදුසු වේ.
’’කවර පසකින්ද යත්, කථාවට පරිභව කෙරේද, කථිකයාට පරිභව කෙරේද, තමාට පරිභව කෙරේද, ජඩවූ, කෙළතොලුවූ, දුෂ්ප්‍රාඥයෙක් වේද, නොදන්නා ලද්දෙහි දන්නා ලද්දෙමි යන සිත් ඇත්තේ වේද, යන පසිනි.
’’මහණෙනි, කරුණු පසකින් යුක්තව සද්ධර්මය අසන්නේද, කුශල ධර්මයන්හි සම්පූර්‍ණ කරණ ලද මාර්ග නියමයන්ට බැසගන්ට නුසුදුසු වේ.
’’මහණෙනි, කරුණු පසකින් යුක්තව සද්ධර්මය අසන්නේ, කුශල ධර්මයන්හි සම්පූර්‍ණ කරණ ලද මාර්ග නියමයන්ට බැසගන්ට සුදුසු වේ.
’’කවර පසකින්ද යත්, කථාවට පරිභව නොකෙරේද, කථිකයාට පරිභව නොකෙරේද, තමාට පරිභව නොකෙරේද, ජඩ නොවූ, කෙළතොළු නොවූ, ප්‍රඥා ඇත්තෙක් වේද, නොදන්නා ලද්දෙහි දන්නා ලද්දෙමි යන සිත් ඇත්තේ නොවේද, (යන පසිනි.)
’’මහණෙනි, කරුණු පසකින් යුක්තව සද්ධර්මය අසන්නේ, කුශල ධර්මයන්හි සම්පූර්‍ණ කරණ ලද මාර්ග නියමයන්ට බැසගන්ට සුදුසු වේ.