අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

4. සතරවැනි පණ්ණාසකය

(16) 1. සද්‍ධම්ම වර්‍ගය

10. දුප්පටිවිනොදය සූත්‍රය

’’මහණෙනි, උපන්නාවූ මේ පසක් දුරුකරන්ට නොහැකි වෙත්.

’කවර පසක්ද යත්? උපන්නාවූ රාගය තෙම දුරු කිරීමට නොහැකි වේ. උපන්නාවූ ද්වේෂය තෙම දුරු කිරීමට නොහැකි වේ. උපන්නාවූ මොහය තෙම දුරු කිරීමට නොහැකි වේ. උපන්නාවූ වැටහීම (හෙවත්) කියනු කැමති බව දුරු කිරීමට නොහැකි වේ. උපන්නාවූ ගමන් යාමෙහි සිත දුරු කිරීමට නොහැකි වේ. යන පසයි. මහණෙනි, මේ පස වනාහි උපන්නාහු දුරුකිරීමට නොහැකි වෙත්ය’’ යි වදාළ සේක.

සද්ධම්මවග්ගො පඨමො.