අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
5. පඤ්චම පණ්ණාසකය
(22) 2. අක්කොසක වර්‍ගය
1. අක්කොසක සූත්‍රය
’’මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් තෙම බ්‍රහ්මචාරීන්ට නින්‍දා පරිභව කරන්නේ, ආර්‍ය්‍යයන්ට දොස් කියන්නේ වේද, ඔහුගේ දෝෂ පසක් කැමතිවිය යුතුය.
’’කවර පසක්ද යත්? සිඳින ලද ලෝකෝත්තර මාර්‍ග ඇති පාරාජිකාවට පැමිණියෙක් හෝ වේ. එක්තරා ඉතා කිළුටු ඇවතකට හෝ පැමිණෙයි. දැඩිවූ බලවත් ව්‍යාධියක් හෝ ස්පර්‍ශ කරයි. ඉතා මුළාවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැති, දුකට පිහිටවූ, නපුරු සේ පතිත වන්නාවූ නරකයෙහි උපදියි යන පසයි.
’’මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් තෙම බ්‍රහ්මචාරීන්ට නින්‍දා පරිභව කරන්නේ, ආර්‍ය්‍යයන්ට දොස් කියන්නේ වේද, ඔහුගේ දෝෂ පසක් කැමතිවිය යුතුය.