අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

5. පඤ්චම පණ්ණාසකය

(21) 1. කිම්බිල වර්‍ගය

10. නිද්දොක්කමන සූත්‍රය

’’මහණෙනි, මුළාවූ සිහි ඇතිව, මනා දැනීම නැතිව නින්දට බැසගන්නහුගේ මේ දෝෂ පසක් වෙත්.

’’කවර පසක්ද යත්? දුකසේ නිදයි. දුකසේ පිබිදෙයි. ලාමකවූ සිහින දකියි. දෙවියෝ නොරකිත්. අශූචි මෝචනය වේ, යන පසයි.

’’මහණෙනි, මුළාවූ සිහි ඇතිව, මනා දැනීම නැතිව නින්දට බැසගන්නහුගේ මේ දෝෂ පසක් වෙත්.

’’මහණෙනි, එළඹ සිටි සිහි ඇතිව, මනා දැනුම් ඇතිව නින්දට බැසගන්නහුගේ මේ අනුසස් පසක් වෙත්.

’’කවර පසක්ද යත්? සුවසේ නිදයි. සුවසේ පිබිදෙයි. ලාමකවූ සිහින නොදකියි. දෙවියෝ රකිත්. අශූචි මෝචනය නොවේ, යන පසයි.

’’මහණෙනි, එළඹ සිටි සිහි ඇතිව, මනා දැනුම් ඇතිව නින්දට බැසගන්නහුගේ මේ අනුසස් පසක් වෙත්.

විසිඑක් වැනි කිම්බිල වර්‍ගය නිමි.