අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
1. පඨම පණ්ණාසකය
5. මුණ්ඩරාජ වර්‍ගය
6. පඤ්ච සම්පදා සූත්‍රය
’’මහණෙනි, මේ සම්පත් පසක් වෙත්. කවර පසක්ද යත්, ශ්‍රද්‍ධා සම්පත්තිය, ශීල සම්පත්තිය, ශ්‍රුත සම්පත්තිය, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥා සම්පත්තිය යන පසයි. මහණෙනි, මොහු වනාහි සම්පත් පස වෙත්යයි වදාළ සේක.’’