අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
2. දෙවැනි පණ්ණාසකය
(6) 1. නීවරණ වර්‍ගය
10. දුතිය බුඩ්ඪ පබ්බජිත සූත්‍රය
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ මහළුව පැවිදිවූ තැනැත්තේ දුර්ලභ වේ. කවර පසකින්ද යත්,
’’මහණෙනි, කීකරුවූ මහළුව පැවිදිවූ තැනැත්තේ දුර්ලභ වේ.. මනාකොට ගන්නා ලද ගැනීම් ඇත්තේ දුර්ලභ වේ. පැදකුණු කිරීමෙන් අවවාද ගන්නේ දුර්ලභ වේ. ධර්මකථික වූයේ දුර්ලභ වේ. විනයධර වූයේ දුර්ලභ වේ.
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ මහළුව පැවිදිවූ තැනැත්තේ දුර්ලභ වේ.
නීවරණ වර්‍ගය නිමි.